Wednesday 17 February 2016

Arrow: Season 4, Episode 14 ( Code of Silence) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 14 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරී මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දහාතුන්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දහාතුන්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ තියා අසනිප වී ඉතා අවධානම් තත්වයක සිටින අවස්ථාවේදි ඔලිවර් හමුවිමට පැමිනේන නසා තියා සුව කිරිමට හැකි  බෙහේතක් තමන් සතු බවත් එයා ලබා දිමට නම් ඔලිවර් මැල්කම් මලර් මරා දැමිය යුතු බවයි.ඔලිවර් තම කණ්ඩායම සමග නසා ඉදිරිපත් කල යොජනාව පිලිබදව කතා බහා කර මැල්කම් හමු විමට යනවා.එහිදි ඔලිවර් මැල්කම්ගෙන් ඉල්ලා සිටින්නේ නසා හට මුදුව ලබා‍ දි තියා බේරා ගන්නා ලෙසයි.ඉන් අනතුරුව ඔලිවර් නසා හමුවි ඇය සතුව ඇතැයි පවසන බේහේතෙන් තියා සුව කල හැකිද යන්න පරික්ෂා කර බැලිමට අවශ්ය බවයි.එහිදි නසා විසින් ඔලිවර් හට තියා සුව කිරිමට හැකි බේහේතෙන් කුඩා ප්‍රමානයක් ඔලිවර් හට ලබා දෙනවා.එය රැගෙන යන ඔලිවර් තියාගේ ශරිරයට එය එන්නත් කර බලනවා.එහිදි ඇත්තට එම බෙහේතෙන් තියා සුව අතට පත්වනවා. ඉන් අනතුරුව මැල්කම් නසා හමුවිමට කැමත්ත පලකරනවා.ඒ අනුව එක් ස්ථානයකට පැමිනේන නසා ඔලිවර් සහා මැල්කම් ඇතුලු පිරිස එකගතාවයකට පැමිනිමට කතා බහා කලද මැල්කම් විසින් නසා සහා ඔලිවර් රවටා එම ස්ථානයේදි නසා මරා දැමිමට තම භටයන් යොදවනවා. නමුත් නසා ඔලිවර්ගේද සහාය ඇතුව එම ස්ථානයෙන් පැණ යනවා.ඉන් අනතුරුව නගරයේ තැනින් තැන නසා සහා මැල්කම් සටන් ඇති කර ගන්නා අතර නගරයේ ජනයාටද එයින් තුවාල සිදුවෙනවා.සැලැස්මක් අනුව නසා අල්ලා ගැනිමට ඔලිවර් සුදානම් වෙනවා.ඒ අනුව නසා අතුලු කණ්ඩායම ගමන් ගන්නා ස්ථානයකට පැමිනේන ලොරල් නසා නතර කිරිමට උත්සහා කරන අතර තුර එම ස්ථානට පැමිනේන මැල්කම් ගේ කණ්ඩායම නසා ගේ කණ්ඩායමට පහර දෙනවා. එහිදි ලොරල් නසාට පැන යාමට උදව් කරන අතර පැණ යන අතර තුර නගරයේ දෙපිල අතර සටනක් ඇති වනවා එහිදි ඔලිවර් මැල්කම්ගේ කණ්ඩායමට පහර දෙන අතර ඔවුන් පලවා හරිනවා.ඒ වගේම නසා සිහි මුර්ජා කර රැගෙන ගොස් සිර කරනවා.සිහි එලබිමෙන් අනතුරුව නසා සමග කතා බහා කර බේහේත ලබා ගැනිමට ලොරල් උත්සහා කරද එය සාර්ථක නොවන අතර ඔලිවර් නැවතත් මැල්කම් සමග කතා බහා කර එකග තාවයකට පැමිනිමට උත්සහා කරද එයද අසාර්ථක වනවා.අනතුරුව නසා සහා මැල්කම් අතර මරාන්තික සටනක් කරිමට එකග තාවයකට පැමිනේනවා. සටන ආරම්භ කල විගසම අතර මැද්දට පැමිනේන ඔලිවර් එම සටන් නසා වෙනුවෙන් තමන් බාර ගන්නා බවත් මැල්කම් සමග තමන් සටන් කරන බවත් ඔලිවර් පවසනවා.දිර්ග සටනකින් පසුව ඔලිවර් මැල්කම්ට පහර දි බිම දමන අතර එහිදි අවසන් වතාවට මුදුව ලබා දෙන ලෙස ඉල්ලා සිටියද මැල්කම් එය ලබා නොදේන බව පවසනවා. එසැනින් ඔලිවර් ඔහුගේ අසිපතින් මැල්කම්ගේ අත කපා වෙන් කර දමනවා.ඒ අනුව සටනේ ජය ලැබු ඔලිවර් හට තියා සුව කිරිමට අවශ්‍ය බේහේත නසා විසින් ලබා දෙනවා.අනතුරව තියාට ලබා දෙන බේහේත නිසා ඇයි සම්පුර්ණ සුවය ලබනවා.ඔලිවර් විසින් තමාට කල වංචාව නිසා ඔලිවර් සමග දැඩි කොපයෙන් සිටින මැල්කම් ඩෙිමියන් ඩාර්ක් හමුවන අතර එහිදි  ඔලිවර් සතු දුර්වල කමක් ඇති බවත් ඒ ඔලිවර්ගේ පුතු විලියම් බවය.ඒ වගේම ෆෙල්සිටි හමු විමට පැමිනි ඇයගේ පියා සිදු කරන වංචාවන් හේතුවෙන් ෆෙල්සිටි තමන්ගේ පියාව පොලිස් අත්තඩංගුවට පත්කරවනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Echo Kellum / Janet Kidder / Rachel Luttrell / Darren Matheson / Neal McDonough / Marc Trottier  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 දහාහතර වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com