Tuesday 26 November 2019

The Flash: Season 6, Episode 07 ( The Last Temptation of Barry Allen, Pt. 1 ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 නොවැම්බර්  මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නැෂ් කිව්ව විදියට බෙරිව බෙරා ගන්න විදිය දැන ගන්න කට්ටිය හැමොම උමග තුලට ගියා.එහිදි නැෂ් විසින් මොනිටර් ගැන යම් විස්තරයක් කණ්ඩායමට කියනවා.මොනිටර් ගැන දැන ගන්න උමග තුල තිබෙන බිත්තිය එහා පැත්තේ තියෙන දේ දැන ගන්න ඔනේ නිසා බෙරි එයාගේ බලය යොදා බිත්තිය තුලින් යන්න උත්සහා කලත්  ඒ උත්සහාය අසාර්ථක වෙනවා.එකට හේතුව නැෂ් කණ්ඩායමට පවසන අතර බිත්තිය විනාස කරන අයුරුත්   ඔහු පවසනවා.මේ අතර තුර චෙස්ටර් කුටිය තුලින් එලියට එනවා. මේ අතර තුර ජෝ විසින් රැල්ෆ්ට මෙහෙයුමක් ලබා දෙනවා.බෙරිත් ඔහුට උදවු කරන්න යනවා.මේ දෙන්නා ඒ ස්ථානයට ගිහින් ටිකක් අවුල් සහාගත වැඩ ටිකකුත් කරනවා. කොහොම හරි දෙන්නා අන්තිමේදි සතුරන්ට අහුවෙනවා.එතනදි  සතුරන් සෙන්ට්‍ර‍ල් නගරයට ලොකු විනාශයක් කරන්න යන බව දැන ගත්තා.කොහොම හරි බෙරි සහා රැල්ෆ්  එකතු වෙලා සතුරන් කරන්න ගිය විශාල විනාසය නතර කරා.මේ අතර තුර නැෂ් විසින් උමග තුල ඇති බිත්තිය තුල ඇති දේ දැනගන්න ඇලෙග්‍රා ගෙන් උදවු ලබා ගන්නවා.ඒ උදව්ව වෙනුවෙන් නැෂ් ඇයට කියනවා බෙරි තමා ෆැලැෂ් කියලා.කොහොම හරි ඇලෙග්‍රා එයාගේ බලය බාවිතා කරලා නැෂ්ට අවශ්‍ය දේ කරලා දෙනවා.මේ අතර බෙරි විසින් නගරයේ මිලග විරයා විදියට එලෝන්ගේටඩ් මෑන් ව එහේමත් නැත්නම්  රැල්ෆ්ව නම් කරනවා.ඒ වගේම රැල්ෆ් සහා ජෝ එකතු වෙලා බෙරිටත් පදක්කමක් ලබා දෙනවා. එයා කරපු සෙවයට.ඒ වගේම රැල්ෆ් විසින් අයිරිෂ් මුණ ගැසිලා ඇයට යම් පිංතුරයක් ලබා දෙනවා තොරතුරක් ලෙස.ඇය එය රැගෙන ගිය පසු එතනට රැම්සි පැමින රැල්ෆ්ව අල්ලා ගන්නවා.ඉතින් මෙතනින් එහාට කුමක් සිදුවේද? නැෂ්ගේ  මිලගට මොනවා කරයිද? රැල්ෆ්ට මොකද වෙන්නේ ?  ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.2 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer / Danielle Nicolet  / Tom Cavanagh /  Jesse L. Martin / Sendhil Ramamurthy / Victoria Park වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 6 හත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 183MB Season 6 Episode 07 720p torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 6, Episode 07 (2019) Official  Trailer

                                                             විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com