Tuesday 29 March 2016

The Flash: Season 2, Episode 17 ( Flash Back ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 17 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දාසයවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දාසයවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.Barry සහා කණ්ඩායම ටිකක් විනොද වෙන්න කියලා ලැබ් එකෙන් එලියට යනවා ඔවුන් විනොද වෙමින් සිටින අවස්ථාවේ ඔවුන් නොසිතු අයුරින් Flash හා සමාන වෙගයකින් එම ස්ථානයට යමෙක් පැමිණ එහි සිටි සියලු දෙනාගේ බඩු සොරකම් කරගෙන යනවා Barry ඒ සමගින් එම තැනත්තා පසු පස හබා යනවා.නමුත් එම තැනත්තා Barry ට වඩා වෙගවත් නිසා Barry හට එම තැනත්තා අල්ලා ගැනිමට නොහැකි වෙනවා. Barry කණ්ඩායම සමග සිදු වුන දේ පිළිබදව කතා බහා කරන අතර තුර Caitlin පවසනවා තමා විසින් නිර්මානය කල බෙහේතක් පිලිබදව.ඇය එය නිර්මානය කලේ Jay  ගේ වේගය වැඩි කරගැනිමට උදවුවක් වශයෙන්.ඒ අතර තුර නැවතත් නගරයට හදුනා නොගත් ෆැලැෂ් පැමින සොරකම් කරන්න පටන් ගන්නවා.නැවතත් Barry එම තැනැත්තා පසු පස හබා යනවා.නමුත් ඒ අවස්ථාවේදිත් Barry හට එම තැනත්තා අල්ලා ගැනිමට නොහැකි වනවා.නමුත් ඒ අවස්ථාවේදි Barry දැනගන්නවා ඒ කාන්තාවක් බව.ඉන් අනතුරුව Caitlin තමන් වෙගය වැඩිකරන බෙහේත සදා ගැනිමේදි උදවු ලබා ගත් තරුණියක් පිලිබදව කණ්ඩායමට පවසන අතර ඇය හමුවිමට යනවා මේ පිලිබදව තොරතුරු ලබා ගැනිමට.නමුත් එහිදි ඇය ඒ පිලිබදව නොදන්නා බව පවසනවා. නමුත් එදින රාත්‍රියේ ස්ටාර් ලැබ් එකට එක වරම පැමිනේන හදුනා නොගත් ෆැලැෂ් Barry ව රැගෙන ගොස් මේටා මිනිසුන් සිර කරන සිර කුඩුවක සිර කරනවා.ඉන් අනතුරුව කණ්ඩායමේ අනිත් පිරිස අතරට පැමිනේන ඇය ගිණි අවියක් පෙන්වා සියල්ල බිය ගන්වා ඇයට Caitlin  විසින් සකස් කරන ලද බෙහේත ලබා දෙන ලෙස තර්ජනය කරනවා.Caitlin එහිදි ඒ තමන්ගේ මිතුරිය Eliza බව දැන ගන්නවා.Eliza තමන්ට බෙහේත ලබා නොදුන්නොත් එහි සිටින එකි නෙකා මරා දමන බවට තර්ජනය කල අතර Jesse ව තමන් යටතට පත් කරගන්නවා. ඉන් අනතුරුව Caitlin නැවතත් බෙහේත නිර්මානය කරන අතර එය Eliza හට ලබා දෙනවා.නමුත් ඇය ඔවුන් විස්වාස නොකර අතර බෙහේත පරික්ෂා කිරිමට එය Jesse ගේ ශරිරයට එන්නත් කරනවා.ඉන් අනතුරුව ඇය එම ස්ථානයෙන් පිටව යනවා.Jesse ට අසනිප වන අතර ඇය සුව කිරිමට ඇයට ලේ ලබා දිමට සිදු වෙනවා.ඒ අතර තුර Barry ඇතුලු කණ්ඩායමට Eliza සිටින ස්ථානය සොයා ගත හැකි වනවා.Barry ඇය අල්ලා ගැනිමට පිටත් වනවා.Eliza  නගරයේ විශාල පාලමක් පුපුරුවා හරිනවා.Barry තමන්ගේ වේගය වැඩි කරමින් එම පාලම හරහා අනිත් පැත්තට පැමිනේන අතර Eliza අල්ලා ගන්නවා.Barry ඇයට උපදෙස් ලබා දුන්නද ඒ කිසිවක් ගනන් නොගන්නා ඇය නැවතත් වෙගය වැඩි කරගන්නා බෙහේත එන්නත් කරගන්නා අතර ඇය නැවතත් තමන්ගේ වෙගය බාවිතා කරමින් එම ස්ථානයෙන් පිටත්ව යනවා.නමුත් ඇය ගමන් කිරිම ආරම්භ විමත් සමග ඇය නිල් පාටට පත්වන බව Barry දකිනවා. ටික දුරක් යන ඇය ටිකින් ටික දියවි ගොස් සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා.අවසානයේ ඉතිරි වන්නේ ඇයගෙ ඇදුම පමනයි.Barry  හට මේ සිදුවිම පිලිබදව විශාල ගැටලුවක් ඇති වනවා.මන්ද සුම් ද මේ අකාරයෙන්ම නිල් පැහැති නිසා.එහිදි ඔවුන්ට තෙරුම් යනවා සුම් අසනිපව ඇති බවත්.ඔහු මිය යමින් සිටින බවත්. මේ සියල්ලම Jay  හට තිබුනු බැවින් ඔවුන්ට සැකයක් ඇති වනවා සුම් කියන්නේ Jay  කියලා.එය දැන ගැනිමට හැක්කේ සිස්කොට තමන්ගේ බලය බාවිතා කිරිමෙන් පමනක් වන අතර Barry ආරක්ශිතව තබා තිබු Jay ගේ හිස් වැසුම සිස්කෝ හට ලබා දෙනවා.එහිදි හිස් වැසුම අල්ලා තමන්ගේ බලය බාවිතා කර සිස්කෝට දැක ගත හැකි වන්නේ තමන් කිසිදු දිනක නොසිතු දෙයකි.සුම් යනු Jay බව ඔහු දකිනවා.කණ්ඩායමේ සියල්ලෝම මේ සිදු විම පිලිබදව දැඩි ලෙස කම්පා වන අතර Barry එම ස්ථානයෙන් වහාම පිටත්ව යනවා. ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Rick Cosnett / Andy Mientus වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 , 17 වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්. 




                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com