Wednesday 23 March 2016

Arrow: Season 4, Episode 16 ( Broken Hearts) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 16 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මාර්තු මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 පහලොස්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.පහලොස්වන  කොටස නැරබුව අයට මතක ඇතිනේ ඔලිවර් හමුවිමට පැමිනේන ඩෙමියන් ෆෙල්සිටි ඉදිරියේම ඔලිවර්ගේ පුතා ගැන එලිදරවු කරනවා.ඒ වගේම ඔලිවර්ගේ පුතා ඩෙමියන් ලග සිටින බවත් පුතා නැවත ලබා දිමට නම් තමන් නිරතව සිටින දෙශපාලන තරගයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔලිවර් හට පවසනවා.මේ අතර සමන්තා තමන්ගේ දරුවා සොයා ගෙන ඔලිවර් සිටින නගරයට පැමිනේනවා.එහිදි ඔලිවර් සමන්තා හමුවන අතර තමන් ඇරෝ බව සමන්තාට පවසනවා.ඔලිවර් තමන්ගේ කණ්ඩායම සමන්තා හට හදුන්වා දෙන අතර ඔලිවර් ඩෙමියන් පැරද විමට තමන්ගේ මිතුරියකගෙන් උදවු ලබා ගන්නවා.කණ්ඩායමේ සියල්ල සමග ඩෙමියන් අල්ලා ගැනිමට උත්සහා කරත් ඔවුන්ට එය සිදු කිරිමට නොහැකි වනවා.ඒ ඩෙමියන් සතු බලය නිසා.ඉන් අනතුරුව ඔලිවර් හට ලාන්ස්ගෙන් ලැබේන තොරතුරු අනුව ඔවුන් සොයා ගන්නවා ඩෙමියන් හට බලය ලබා දෙන එක් පිලිමයක් පිලිබදව.ඉන් අනතුරුව සැලසුමක් අනුව කණ්ඩායම නැවත ඩෙමියන් අල්ලා ගැනිමට ඔහු සිටින ස්ථානයට යන අතර එහිදි ඔලිවර්ගේ මිතුරිය ඩෙමියන් හට බලය ලබා දෙන වස්තුව විනාශ කර දමනවා.ඉන් අනතුරුව ඩෙමියන් සතු බලය සම්පුර්ණයෙන්ම විනාශ වන අතර ඔලිවර් ඩෙමියන් හට පහර දි තමන්ගේ පුතාව නැවත රැගෙන යනවා.ඒ අතර තුර ෆෙල් සිටි ඔලිවර්ගේ පුතා පිලිබදව දැනගත්තාට පසුව ඔලිවර්ගෙන් වෙන්ව යන්න තිරනය කරනවා.ඒ අවස්ථාවේදි ඇයට සහා ඔලිවර්ට සිතා ගැනිමට නොහැකි දෙයක් සිදුවෙනවා.ෆෙල්සිටි හට නැවතත් ඇවිදිමට හැකි වෙනවා.ඒ වගේම ඔලිවර් තමන්ගේ පුතාව තමන් ලග තියා ගන්නේ නැතිව සමන්තා සමග පිටත් කරනවා.ඒ අතර තුර ඔලිවර් තමන්ගේ පුතාට විශේෂ පණ්විඩයක් පරිඝණකයක් තුල තැන්පත් කරනවා.එය ඔලිවර්ගේ පුතාට වයස 18 ඉක්මවිමෙන් පසුව දැක ගැනිමට හැකි වන අයුරින්.ඉතින් මෙතනින් එහාට ඩෙමියන් හට කුමක් සිදුවේද? ඔහුගේ බලය නැවත ලබා ගනිද?කොහෝම වුනත් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards /John Barrowman / Paul Blackthorne / Neal McDonough / Amy Gumenick / Jimmy Akingbola /Adrian Holmes / Nicole Oliver / Elysia Rotaru / Jason Schombing / Dani Alvarado වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 දාසයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com