Monday 5 November 2018

Arrow: Season 07 , Episode 04 ( Level Two ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 04. අලුත්ම කොටස විකාශය වුනේ 2018  නොවැම්බර් මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර්ව බේරා ගන්නත්  ඩියැස්ව අල්ලා ගන්නත් ෆෙල්සිටි උදවු ඉල්ලනවා FBI නියෝජිතවරියගෙන් හැබැයි මුලදි එක සාර්ථක නොවුනත් පසුව ඇය කැමති වෙනවා ෆෙල්සිටි හට උදවු කරන්න ඩියැස්ව නතර කරන්න සහා ඔහුව අල්ලා ගන්න.ඒ ඩියැස් විසින් CDC එකෙන් ජෛවකාරකයක් සොරා ගන්න සුදානම් වන නිසා.FBI නියෝජිතවරිය මේ වැඩේට සහාය ලබා දෙන්නේ තමන්ගේ උසස් නිළධාරින්ට හොරන්.මේ වැඩේට රෙනෙ සහ ඩිනා උදවු කරනවා.මේ අතර ඔලිවර්ට සිරගෙදරදි  ලැබේන තොරතුරක් අනුව ඩීමන් යන පුද්ගලයා සොයා ගන්න උත්සහා කරනවා.ඔහු පිලිබදව තොරතුරු ලබා දෙන්න එන්න කියලා ඔලිවර්ව මරා දමන්න ඔලිවර්ගේ සතුරන් සැලසුම් කලද එය අසාර්ථක වෙනවා.ඒ අතර තුරම ඔලිවර්ට සිරගෙය තුල සටනක් කරන්න වෙනවා තමන්ගේ සතුරකු සමග.මේ සටනෙන් ජය ගත්තොත් ඔහුට හොඩුවාවක් ලබා දෙන බවට තවත් පුද්ලගයෙක් පවසනවා.කොහොම හරි ඔලිවර් සටනේන් ජය ගන්නවා.ඒ වගේම තොරතුරු ලබා දෙන්නාගෙන් ඔහුට ලැබේන තොරතුරට අනුව මේ වන විට ඩීමන් නැමති පුද්ගලයා  සිටින්නෙ සිරගෙදර දෙවන කොටසේ.එතන්ට යන්න ලොකු වැරදිකාරයෙක් වෙන්න ඔනේ කියලාත් කියනවා.ඔලිවර් එහි සිටින ආරක්ෂක භටයින්ට දැඩි ලෙස තුවාල කර පහාර දෙනවා.මේ සිදුවිමෙන් ඔලිවර්ව සිරගෙදර දෙවන කොටසට රැගෙන යනවා.මේ අතර ෆෙල්සිටි ඇතුලු කණ්ඩායම ඩියැස් අල්ලා ගන්න සැලසුම දියත් කරනවා.නමුත් ඔවුන්ට එහිදි ඩියැස්ගේ කණ්ඩායම පහර දෙනවා.එතනදි ඩියැස් ජෛවකාරකයත් අරන් පැන යනවා.ෆෙල්සිටි ඇතුලු කණ්ඩායම සමග රහස් මේහේයුමක් සිදු කල වරදට FBI නියෝජිතවරියට මාරුවිමක් ලැබේනවා.ඒ වගේම ඔවුන්ගේ මේහේයුමේදි රෙනෙ විසින් ඩියැස්ගේ කණ්ඩායමේ සිටින විශේෂිත සමාජිකාවක් අල්ලා ගන්නවා.මේ සමාජිකාවගෙන් ෆෙල්සිටි හට ඩියැස් අල්ලා ගන්න තොරතුරු ලබා ගන්න හැකිවේද?ඒ වගේම ඔලිවර්ට සිරගෙදර දෙවන කොටසේදි මොන මොන අභියොග වලට මුහුණ දෙන්න වෙයිද?ඩීමන් නැමති පුද්ගලයා සොය ගන්න ඔලිවර්ට හැකි වේද? මේ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 අද සිට නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 හතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.










විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 04 (2018) Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com