Tuesday 22 October 2019

The Flash: Season 6, Episode 03 ( Dead Man Running ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019 ඔක්තෝම්බර්  මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.මොනිටර් කිව්ව විදයට අනාගතයේ විශ්වයට ඇති වෙන්න යන විනාසය නතර කරන්න බෙරිට මැරෙන්නම වෙනවා.ඉතින් බෙරි තිරනය කරනවා අනාගතයේ වෙන්න යනදේ කාලය හරහා ගොස් දකින්න.බෙරි කාලය හරහා අනාගතයට යන්න ගියත් ඔහුට ඒ දේ කරන්න බැරිවෙනවා.ඒ වගේම ඒ දේ කරන්න ගිහින් බෙරිට අනතුරකුත් සිදුවෙනවා.මේ දේ ගැන දැන ගන්න පුුලුවන් කෙනෙකුට සිටින්නේ තුන්වන පෘථිවියේ සිටින ජේ ගැරික් බව ගිලියන් පවසනවා.බෙරි යනවා ජේ ගැරික් මුණ ගැසෙන්න එහිදි ජේ සහා ඔහුගේ බිරිද එකතුවෙලා බෙරිට අනාගතයේ සිද්ද වෙන්න යන දේ දැක ගැනිමට ක්‍ර‍මයක් කියා දෙනවා.ඒ අනුව බෙරි කැමති වෙනවා ඒ දේ අත්හදා බලන්න.එම ක්‍ර‍මය බාවිතා කරලා බෙරිට අනාගතයේ සිදු වෙන දේ දකින්න හැකි වෙනවා.හැබැයි එතනදි බෙරිගේ බලාපොරොත්තු බිද වැටෙනවා.මේ අතර නගරයට එන තවත් මේටා වරියක් නිසා ෆැලැෂ් කණ්ඩායමට  වැඩ වැඩි වෙනවා.හැබැයි කට්ටිය එකතු වෙලා එම මේටා වරිය අල්ලා ගන්නවා ඒ සදහා බෙරි අවසානයේ ඔවුන්ට උදවු කරනවා.මේ අතර තුර රැම්සි භායානක පරික්ෂනයක් සිදු කරනවා.එය ඔහු හිතපු තරම් සුභ දායි විදියට නෙමේ අවසන් වෙන්නේ.ඉතින් බෙරි අනාගතය වෙනස් කරන්න ක්‍ර‍මයක් හොයා ගනිද?රැම්සිට කුමක් සිදුවේද?  ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.3 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Danielle Nicolet  / Sendhil Ramamurthy /  Ashley Evans / Mark Sweatman / Shane Symons / Spencer Teeter / Neil Webb  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 6 තුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 200MB 720p Season 6 Episode 03 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 6, Episode 03 (2019) Official  Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com