Tuesday 1 November 2016

The Flash: Season 3, Episode 05 ( Monster ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 05 අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ හතරවෙනි කොටස බලපු අයට බෙරි ඇතුලු කන්ඩායමට තවත් මේටා මිනිසුන් දෙදෙනෙක්ගෙන් අභියොගයක් එල්ල වෙනවා.මේ අතර තුර හැරිසන් තමන් වගේම කෙනෙක් බෙරිගේ ලොකයට ගෙන්න වැඩ පිලිවෙලක් සකස් කරනවා.බෙරි නගරයට ආ අලුත්ම මේටා මිනිසුන් දෙදෙනා අල්ලා ගැනිමට සැලසුමක් සැකසුවත් එය සාර්ථක වන්නේ නැ.එම මේටා මිනිසුන්ගේන් එක් අයෙක් බෙරිව විදුරුවක් තුල සිර කරනවා.කණ්ඩායමේ අනිත් පිරිස බෙරිව විදුරුවෙන් පිටතට ගන්න උත්සහා කලත් එය අසාර්ථක වෙනවා.නමුත් කෙට්ලන් තමන්සතු අසාමාන්‍ය අයිස් බලය යොදා බෙරිව විදුරුවෙන් එලියට ගන්නවා.හැබැයි කාටවත් දැන ගන්න ලැබෙන්නේ නැ කෙට්ලන් බෙරිව බෙරා ගත්තු බව.දෙවනි වර බෙරිගේ සැලසුම සාර්ථක වෙනවා.ඔවුන්ට මේටා මිනිසුන් දෙදෙනා අල්ලා ගැනිමට හැකි වනවා.මේ අතර බෙරි ඇතුලු කණ්ඩායමට සමු දි නැවතත් හැරිසන් සහා ජෙසි එයාලාගේ ලොකයට යන්න සුදානම් වෙනවා.නමුත් ඉට කලින් හැරිසන් විසින් සිදු කල පරික්ෂනයෙන් සමත් වුනු තමන්වගේම තවත් හැරිසන් කෙනෙක් බෙරිගේ ලොකයට ගෙන්නවා.ඒ වගේම අවසානයේ කෙට්ලන් හට තමන්ගේ බලය පිලිබදව ලොකු ගැටලුවක් එනවා.ඉතින් කෙට්ලන් හට තව දුරටත් තමන් සතු බලය කණ්ඩායමේ අනිත් සමාජකයින්ගේන් සගවා ගත හැකි වේද?ඒ වගේම වෙනත් ලොකයකින් ආ අලුත් හැරිසන් කොයි වගේ කෙනෙක් වේයිද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Tom Felton / Patrick Sabongui / Susan Walters / Thomas Cadrot / Isaiah Lehtinen / Briana Rayner  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

2 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com