Friday, 19 October 2012

Missing in Action 1 (1984) Missing in Action 2 ( 1985) Missing in Action 3 ( 1988) විශේෂ මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් තවත් සුපිරි චිත්‍රපටි එකතුවක් අරගෙන ආවා ඔයාලාට දෙන්න.  මේ සුපිරි චිත්‍රපටි එකතුව තමා Missing in Action 1/2/3. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අය මේ චිත්‍රපටි එකතුවට ගොඩාක් කැමති වේවි කියලා මම හිතනවා. මේහි ප්‍රධාන චරිතයට සුපුරි සටන් /ඇක්ශන් නලු Chuck Norris  රංගනයෙන් දායක වේ.  මිට අමතරව සුපිරි නලු නිළියන් රැසකගේ රංගන  දායකත්වය  මේ චිත්‍රපටි සදහා ලැබි තිබේනවා. මේම චිත්‍රපටි එකතුවේ කතාවන් සැකසි තිබේන්නේ Col. James Braddock (Chuck Norris )  කියන  නිළදාරියා  හට ලබා දෙන විශේෂ මෙහේයුම් සබන්දයෙන් සහා ඔහුට එම මෙහෙයුමෙදි හමුවන පිරිස සමග එම  මෙහේයුම සාර්ථක කරගැනිමට ලැබේන අභියොග රැසක් සම්බන්දයෙන්' මේ  මෙහේයුම් වටා චිත්‍රපටි වල කතාවන්  ඉතාමත් අපුරුවට සැකසි තිබෙනවා  සුපිරි සටන් වලින්. ඉතින් ඒ අපුරු සටන් සමගින් ඔවුන් යන මෙහෙයුමේ  අවසානය කුමක් සිදුවෙද යන්න දැනගන්නත් මේ චිත්‍රපටි එකතුව ඔයාලාට නරබන්න වෙනවා යාළුවනි. ඓහේමනම් හැමොම චිත්‍රපටි එකතුව බාගෙන බලන්න. ජය ශ්‍රී...................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent

චිත්‍රපටි බාගෙන යන ගමන් පොඩි කොමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි හැමොම............

The Amazing Spider-Man 2012 සුපිරි විරයා නැවතත්

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් 2012 වසරේ  තිරගතවිම් ආරම්භ කල. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට කලින් දුන්නා Spider-Man 1/2/3 කියන චිත්‍රපටි එකතුව. ඉතින් අද මම දෙන්නේ එහි අලුත්ම චිත්‍රපටි 2012 වසරේ නිකුත් වුනු. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වුනේ  අද දිනේයෙදි තමා යාළුවනි. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සදහා Andrew Garfield  රංගනයෙන් දායක වෙන  අතර  ප්‍රධාන නිළිය ලෙස Emma Stone  රංගනයෙන් දායක වේ. තවත් සුපිරි නලු නිළි පිරික්ද චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. Peter Parker (Andrew Garfield ) කියන්නේ කුඩා කල  තම දෙමාපියන් ගේ මරණින් පසු තම නැන්දනියගේ නිවසේ ජිවත් වෙන දරුවෙක්. වැඩි වියට පැමිණිමෙන් පසු හොදින් පාසල් අධ්‍යාපනය හදාරන ඔහු දැඩි කැමත්තක් දක්වනවා ෆොටො ගැනිමට. මේ අතර ඔහු ඉගෙන ගන්නා පාසලේ සිටින සුරුපි තරුණියක් වන Gwen Stacy (Emma Stone) හට සිතින් පෙම් බදිනවා. නමුත් ඒ බව ඇයට සදහාන් කරන්නේ නැත. Peter හට තම නිවසේ තිබි තම පියාගේ  බැගයක් හමුවේනවා. මේ බැගයේ සගවා තිබුනු එක්තරා ලිපි ගොනුවක් කියවිමේන් පසු තම පියාගේ සැබැ තතු ඔහු දැනගන්නවා. මේ තොරතුරු තවත් නිරාකරනය කර ගැනිමට ඔහු අන්තර්ජාලය හරහා ඒ පිලිබදව සොයා බලනවා. එහිදි ඔහුට එක්තරා  විද්‍යා ගාරයක් පිලිබදව තොරතුරු දැනගන්න ලැබේනවා. ඔහු එම විද්‍යා ගාරයට ඇතුල් වෙනවා.  මේ අවස්ථාවේදි එහි ප්‍රධානියා වන තම පියාගේ සහායක  Dr. Curt Connors ( Rhys Ifans ) ඔහුට දැකගන්න ලැබේනවා. මේ විද්‍යා ගාරයේදි. Peter එහි පැමිනේන එක් පුද්ගලයේකුගේ ඇගේ හැපෙනවා එකවර. ඒ අවස්ථාවේදි එම පුද්ගලයා සතු ලිපි ගොනුවක් බිම වැටේනවා. එය  ඔහුට ඇහිදා දෙන පිටර් එකවරම එම ලිපි ගොනුවේ තිබුනු සලකුණක් දකිනවා. ඔහු එම පුද්ගලයා පසු පස රහසින් ගමන් කරනවා. ඔහු ඇතුලු වෙන  කාමරයක් තුලට පසුව රහසිගතව Peter ඇතුල් වෙනවා. එහිදි ඔහුට අමුතුම අකාරයේ දෙවල් රැසක් දැකගන්න ලැබේනවා. මේ ස්ථානයේ තිබේන එක් යන්ත්‍රයක් තුලට ඇතුල් වෙන  ඔහු හට එකවරම පොඩි ඇබැද්දියක් සිදු වෙනවා. එම යන්ත්‍රය තුල සිටින මකුළුවන්  රැසක් ඔහුගේ ඇගට වැටේනවා. පසුව එම කාමරයෙන් පිටව යන Peter හට එහිදි Gwen  මුණ ගැසේනවා. ඔහු එම ස්ථානයට ඇතුල් වුනේ බොරු නමකින් කියා ඇය දැනගන්නවා. ඇය ඔහු සතු හැදුනුම් පත ලබා ගන්නවා. එම අවස්ථාවේදි එකවරම ඔහුගේ කමිසයේ සිටින මකුළුවේක් ඔහුගේ ගෙලට දශ්ට කරණවා. Peter  එය එතරම්  සැලකිල්ලකට ලක් කරන්නේ නැ. ඔහු නිවස බලා කොච්චියේ ගමන් කරද්දි නිදා ගෙන සිටින අතර ඔහුට යම් යම් අමුතු දේවල් පෙන්න ගන්නවා. කොච්චියේ  ගමන් කරන එක් පුද්ගලයෙක් ඔහුගේ නලල මත බොතලයක් තබනවා. එකවර එයින් වැටේන ජල බිංදුවක් ඔහුගෙ මුණට වැටේනවා. එකවරම ඔහු නැගිටිනවා ඔහුව විසිවි ගොස්  කොච්චියේ වහලයේ එල්ලි සිටිනවා.  සියලු දෙනා පුදුමයට පත් වෙනවා. මේ සිදුවිම නිසා. මේ තමයි ආරම්භය යාළුවනි සුපිරි විරයාගේ. මේතනින් පසු සිදුවන්නේ කුමක් ද කියා දැනගන්න ඔයාලා හැමොම චිත්‍රපටි බාගෙන බලන්න දැන්ම. සුපිරි විරයාගේ සුපිරි වැඩ බලන්න හැකිවේවි. එහේමනම් චිත්‍රපටිය හැමොම බාගන්න දැන්ම. ජය ශ්‍රී.................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්






උපසිරස ගොනුව චිත්‍රපටියේ ගොනුව සමගින් හිමි වේ.

ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent

Monday, 15 October 2012

The Expendables 1 (2010) The Expendables 2 (2012) සුපිරි වැඩකාරයො

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් චිත්‍රපට එකතුවක්. අද දෙන්න යන්නේ චිත්‍රපටි 2ක් මේ තමා 2010 වසරේ නිකුත් වුනු The Expendables 1 සහා 2012 වසරේ නිකුත් වුනු The Expendables 2  කියන චිත්‍රපටි 2ක. මේම චිත්‍රපටි ඇක්ශන් චිත්‍රපටි ගනයට අයත් එවා. මේම චිත්‍රපටි 2කේම ප්‍රධාන නලුවන් ලෙස  Hollywood  සිනමාවේ සිටින සුපිරි නලුවන් රැසකගේ දායකත්වය ලැබි ඇත. එය ඇත්තේන්ම අපුරුම අද්දැකිමක් යාළුවනි. වෙනදාට අප වෙන වෙනම දකින ඇක්ශන් සටන් නලුවන් මේම චිත්‍රපටියේ එකම කණ්ඩායමක් ලෙස එකතු කරගෙන ඇති අයුරු සහා ඔවුන්ගේ රංගනයන් ඉතාමත් අපුරුයි. මේ නලුවන් ලෙස චිත්‍රපටි 2කේම Sylvester Stallone / Jason Statham / Jet Li / Dolph Lundgren / Chuck Norris / Bruce Willis /  Arnold Schwarzenegger / Terry Crews / Randy Couture / Liam Hemsworth / Nan Yu / Jean-Claude Van Damme  වැනි සුවිශේශි නලුවන් රැසක් මේම චිත්‍රපටි දෙකට රංගන දායකත්වය ලබා දි ඇත. මිට අමතරව තවත් සුපිරි නලු නිලියන් පිරිසක් මේම චිත්‍රපටියට රංගනයෙන් දායක වි ඇත. මේම චිත්‍රපටි 2කේම කතාව ගැනත් පොඩ්ඩක් ඔයාලාට කියන්නම් යාළුවනි.  Expendables කණ්ඩායමට ලැබේන විශේශ මේහේයුම් 2ක් මේ චිත්‍රපටි 2කේ ඇතුලත් වෙනවා. මේ සුපිරි කණ්ඩායමේ නායකයා Barney Ross  ( Sylvester Stallone)  ඔවුන්ට මේම මේහේයුම් වලදි  විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඉතින් ඒ අපුරු කණ්ඩායම මේම මේහේයුම ඉදිරියට රැගෙන යන අයුරු දැන ගන්නත්. අවසානෙයේ සිදුවන්නේ කුමක්ද යන්නත් දැනගන්න මේ චිත්‍රපටි 2කම බලන්න යාළුවනි. හැමොම දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී.......................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





The Expendables 1 (2010) 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 699MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent


The Expendables 2 (2012)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Expendables 2 (2012)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Sunday, 14 October 2012

Blade 1 (1998) Blade 2 ( 2002) Blade 3 ( 2004) සියල්ලන්ට එරේහිවන බලවතා

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක් මේ චිත්‍රපටි එකතුව මිට දින කිපයකට කලින් දෙන්න හිටියත් මා හට එය ඩවුන්ලොඩ් කර නරබා බැලිමට හැකි වුනේ ඉයේ දිනයේ. එක නිසා අද මම මේ චිත්‍රපටි එකතුව ඔයාලාට ලබා දෙනවා. හොදයි යාළුවනි අද මම දෙන්න යන්නේ සුපිරි චිත්‍රපටි එකතුවක් මේ තමා Blade 1/2/3 කියන චිත්‍රපටි එකතුව. මේහි ප්‍රධාන චරිතයට Wesley Snipes  රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපට සදහා ලැබි තිබේනවා. මේහි කතාව පාදක වෙලා තියෙන්නේ Blade ( Wesley Snipes) සහා ලේ උරා බොන්නන්ගේ  අතර තිබේන විශාල සටනක්  Blade  ලේ උරාබොන්නන් විනාශ කරන පුද්ගලයෙක්. ඔහුට ලේ උරාබොන්නන් හට ඇති සියලුම හැකියාවන් තියෙන අතර. ඔවුන්ට නැති හැකියාවනුත් තියනවා. මේ සියලු  හැකියාවන් යොදාගෙන ඔහු සතුරන්ට එරේහිව ඔවුන්ගේ විනාශකාරි ක්‍රියාවන්ට එරේහිව සටන් වදිමින් ඔවුන් විනාශ කර දමනවා. නමුත් මේ කටයුත්ත ලෙසි පහසු දෙයක් වෙන්නේ නැ. ඉතින් ඔහු අන්න ඒ අභියොග වලට මුහුණ දෙන අයුරු මොන විදියද කියලා බලන්න ඔයාලාට මේ චිත්‍රපටි එකතුව නරබන්නම වෙනවා. එහේමනම් හැමොම චිත්‍රපටි එකතුව බාගන්න දැන්මම. ජය ශ්‍රී................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1sT movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nD movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rD movie torrent

Saturday, 13 October 2012

Prometheus (1) [2012] සැගවි ගිය අතීතයක්

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. 2012 වසරේ ජුනි මාසයේ තිරගතවිම ආරම්භ කල මේම චිත්‍රපටිය Prometheus (1)  [2012]. මේම චිත්‍රපටිය  ක්‍රියාදාම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන එකක්. IMDb  වර්ගීකරණයට අනුව 7.3 ස්ථානයක් හිමි ඇති  චිත්‍රපටියක් තමා යාළුවනි මේ. මෙහි ප්‍රධාන නලු ලෙස Michael Fassbender රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Noomi Rapace රංගනයෙන් දායක වේ. තවත් උප ප්‍රධාන නිලියක් ලෙස  Charlize Theron  සිය රංගන දායකත්වය මේම චිත්‍රපටිය සදහා ලබා දි ඇත. මේ චිත්‍රපටියේ කතාව පසුබිම් වන්නේ එක්තරා යානාවකින් පෘතුවියට පැමිණෙන පිරිසක් සිටිණවා. මේ පිරිස යම් දෙයක් සොයාගෙන තමා පැමිණෙන්නේ. ඔවුන් පැමිණෙන යානාව එක් ස්ථානයක ගොඩ බස්සන අතර එම ස්ථානයේ ඇති කන්දක් වැනි දෙයක් ඇතුලට එම යානයෙන් පැමිණෙන පිරිස ඇතුල් වෙනවා මේම කණ්ඩායමේ ප්‍රධානියන් වන්නේ Elizabeth Shaw (Noomi Rapace ) සහා David ( Michael Fassbender).  ඔවුන් එහිදි විශේශ පරික්ශන රැසක් කරමින් යම් යම් දේ සොයා ගන්නවා. මේ අතර එම කන්ද ඇතුලේ අමුතු අමුතු දෙවලුත් සිදුවෙනවා. මේ සිදුවිම් පසු පස අමුතුම අකාරයක අභිරසක් ඇති බව පෙනි යනවා. මම මේ චිත්‍රපටියේ කතාව ගැන ඔයාලාට මිට වඩා යමක් කියන්නේ නැ යාළුවනි. චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. මේ පිරිස කවුද??? ඔවුන් පැමිනේන්නේ  කුමක් සොයාද??? ඔවුන්ට සිදුවන්නේ කුමක්ද??? ඔවුන් ඇතුලු වුනු කන්දේ ඇත්තේ මොනවද??? චිත්‍රපටිය බැලුවාම මේ සියලු ප්‍රශ්ණ වලට පිලිතුරු දැන ගන්න ලැබේවි හැමොටම. එහේනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.80GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Prometheus (1)  [2012] Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Friday, 12 October 2012

Grimms Snow White 2012 නපුරට එරේහිව

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ තිරගතවිම් ආරම්භ කෙරුණු චිත්‍රපටියක්. මතක ඇතිනේ මම ඔයාලාට දුන්නා 2012 වසරේ  නිකුත් වුනු Snow White and the Huntsman[2012].  කියන චිත්‍රපටිය. අද මම දෙන්න යන්නේ ඉට හාත් පසින්ම වෙනස් අයුරකින් නිර්මානය  කරපු චිත්‍රපටියක් මේ චිත්‍රපටිය තමා Grimms Snow White 2012. මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Eliza Bennett රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නලුවා ලෙස Jamie Thomas King  රංගනයෙන් දායක වි ඇත. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබා දි ඇත. මේම චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. රජුගේ මරණයෙන් පසුව රජ කම බාරගන්නා එක්  රැජිනක් සිටිනවා. මේ රැජින සතුව මායා කැඩපතක් තියනවා. ඇයට එම කැඩපත සමගින් කතා කල හැකියි. ඇය සැම විටම විමසන එක ප්‍රශ්නයක් තියනවා මේම කැඩපතින්. ලොකයේ සිටින ලස්සනම කුමාරිකාව කවුද යන්න. එවිට සැම මොහොතකම කැඩපත පවසා සිටින්නේ  ඒ ඇය බවයි. ඇය එයින් මහත් සේ සතුටට පත් වෙනවා.  මේ අතර රජුගේ මරණය නිසා රජුගේ කලින් විවාහයේ  දියණිය  මාලිගාවට පැමිණේනවා. ඇය නමින් Snow White (Eliza Bennett). මේම මරණය නිසා තවත් රටක රජ කුමරෙක් වන Prince Alexander (Jamie Thomas King) මේම මාලිගයට පැමිණෙනවා. ඔහු එක් ස්ථානයකදි Snow White දකිනවා. ඇයගේ රුවට ඔහුගේ හිත ඇදි යනවා. මේ අතර ඔවුන් දේදෙනා හොදින් කතා බහා කරනවා රජ කුමරිය ඉදිරියේදි. ඇයට මේ  සිදුවිමට කෙන්ති යනවා. ඇය නැවතත් කැඩපතට කතා කරනවා. එහිදි ඇය නැවතත් ලොකයේ සිටින ලස්සනම කුමාරිකාව කවුද යන්න විමසනවා කැඩපතින්. එහිදි කැඩපත කියා සිටින්නේ දැන් ඇයට වඩා ලස්සන කෙනේක් ඉන්න වගයි. ඇය ඒ කවුද යන්න විමසනවා. කැඩපත කියා සිටින්නේ ඒ Snow White කියාය. මේය කුමරියට දරාගැනිමට නොහැකි වෙනවා. ඇයට බොරුවක් පවසා ගමනක් පිටත් කරනවා. තවත් පුද්ගලයින් දේදෙනකු සමගින්. එම පුද්ගලයන් හට පවසන්නේ ඇයව කැලයට රැගෙන ගොස් මරා දමා ඇයගේ හදවත රැගෙන එන ලෙසයි. Snow White ව කැලයට රැගෙන යන පුද්ගලයින් ඇය මරා දැමිමට තැත්කරද්දිම එම ස්ථානයට විශාල දරුණු සතෙකු පැමිනේනවා. එම සතා එක් පුද්ගලයෙකු මරා දමනවා. මේ වන විට Snow White සිහි නොමැතිව ඇද වැටි සිටිනවා. ඇයව කැලයට රැගෙන ආ අනෙත් පුද්ගලයා මරා දැමුණු පුද්ගලයාගේ හදවත් රැගෙන යනවා. එම කැලයේ සිටින අමුතුම බලයක් ඇති පුද්ගලයින් දේදෙනෙකුට Snow White මුණ ගැසෙනවා ඇය සිහිසුන්ව සිටියදි. ඇයව ඔවුන්ගේ නිවසට රැගෙන යනවා.මේතනින් පසුව සිදුවන්නේ කුමක්ද කියලා බලන්න ඔයාලාට මේ අපුරු චිත්‍රපටිය බාගෙන බලන්න වෙනවා යාළුවනි. එහෙනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ලබා දි ඇති ටොරන්ට් එකේ සිඩර්ස් ප්‍රමානය අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday, 11 October 2012

Cat Shit One (2009) අපුරු වැඩ කාරයො දෙන්නේක්

ආයුබෝවන් යාළුවනි.....ඔන්න  අද මම තවත් පොඩි චිත්‍රපටියක් ඔයාලාට දෙනවා. ඇත්තටම යාළුවනි මේ චිත්‍රපටිය කෙටි  ඇක්ශන් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ දාවන කාලය විනාඩි 22 වැනි කුඩා කාලයක්. නමුත් ඔයාලා මේක බැලුවාම හිතයි මේ චිත්‍රපටිය තවත් දිග කතාවක් එක්ක නිර්මානය වුනානම් කොච්චර අපරුද කියලා. මේ චිත්‍රපටිය් නිර්මානය කර තිබෙන්නේ ඇනිමේශන් චිත්‍රපටියක් ලෙස. යාළුවනි මේහි නිර්මානකරු අති දක්ශ අයුරින් මේම ඇනිමේශන් චිත්‍රපටිය ගොඩ නගා ඇති අයුරු ඔයාලාට මේක බලනවිට තෙරේවි. විටෙක මේය සැබැ දර්ශනයක්ද කියලා හිතෙනවා. ඒ තරම් අපුරු අකාරයට මේ ඇනිමේශන් චිත්‍රපටිය නිර්මාණය කර තිබේනවා. චිත්‍රපටිය ගැන මම කිසිම දෙයක් ඔයාලාට වෙන කියන්නේ නැ මොකද විනාඩි 22 ක කුඩා කෙටි චිත්‍රපටියක් නිසා එහේම විස්තර කලොත් එහි රසය නැතිව යනවා. ඔයාලා හැමොම බාගෙනම බලන්න මේ චිත්‍රපටියේ තියන අපුරත්වය කොතරම්ද කියලා. චිත්‍රපටිය 122mb  වැනි කුඩා ප්‍රමාණයක එකක් නිසා සිඩිර්ස් ප්‍රමානයද වැඩි නිසා ඔයාලා හැමොටම ඉක්මනින් බාගන්න පුලුවනි. හැමොම බාගෙන බලන්න. ජය ශ්‍රී...................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Teenage.Mutant.Ninja 1 (1990) Teenage.Mutant.Ninja 2 (1991) Teenage.Mutant.Ninja 3 (1993) Teenage.Mutant.Ninja 4 (2007) ඉබ්බන්ගේ රජ වැඩ

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. අද දෙන චිත්‍රපටි එකතුව පුංචි නංගිලා මල්ලිලාටනම් ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටි එකතුවක්. මේම චිත්‍රපටි ඇක්ශන්/ක්‍රියාදාම/කොමඩි වර්ගයට අයත් වෙනවා. මේ චිත්‍රපටි එකතුව තමා Teenage.Mutant.Ninja  1/2/3/4. මේම චිත්‍රපටි වල කතාවන් සැකසිලා තියෙන්නේ අපුරු නින්ජා ඉබ්බන් 4දෙනේකු සහා ඔවුන්ගේ මී ගුරුතුමා සම්බන්දයෙන්. මේ ඉබ්බන්ට සතුරෙක් සිටිනවා The Shredder / Oroko Saki  කියලා. ඔහු සතුවද විවිධාකාර දක්ශතා තියනවා. මේහි ප්‍රධාන නිලිය ලෙස Judith Hoag රංගනයෙන් දායක වේ. මේ ඉබ්බන් හට උදව් කරන තරුණියක් සිටිනවා April O'Neil( Judith Hoag )කියලා ඇය රුපවාහිනි නාලිකාවක නිවේදිකාවක්. නගරයේ සිදුවන සොර මැරකම් වලදි එම පුද්ගලයන් අල්ලා දිමත් මේ ඉබ්බන් සිදුකරනවා. ඔවුන්ට විවිධාකාර අභියොග හිමි වෙනවා නිතරම. ඉතින් මම හිතනවා මේ චිත්‍රපට ගැන හැදින්විම වැඩිය නොකලාට ඔයාලා මේ චිත්‍රපටි 4ට ගොඩාක් කැමති වේවි. ඒ වගේම ඔයාලාගේ නංගිලා/මල්ලිලාට මේ චිත්‍රපට නරබන්න අවස්ථාවක් දෙන්න එයාලා ගොඩාක් සතුටු වේවි යාළුවනි. එහේමනම් යාළුවනි ඉබ්බන්ගේ රජ වැඩ බලන්න  චිත්‍රපටි එකතුව දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent

Wednesday, 10 October 2012

Dangerous Ishq (2012) නපුරු ආදරය

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා ඔයාලාට තවත් අපුරුම අලුත්ම චිත්‍රපටියක්. 2012 වසරේ මැයි මාසයේ තමා මේම චිත්‍රපටිය තිරගත කිරිම් ආරම්භ කලේ. Dangerous Ishq (2012) .මේ චිත්‍රපටිය ආදර කතා ගනයට අයත් එකක්.මේහි ප්‍රධාන නිලිය ලෙස ඉන්දියානු සිනමාවේ සුරුපි නිලි Karisma Kapoor රංගනයෙන් දායකත්වය ලබාදේ. ඇය වසර ගනනාවකට පසුවයි නැවතත් හිංන්දි සිනමාවට පිවිසෙන්නේ. මේහි ප්‍රධාන නලු ලෙස Rajneesh Duggal රංගනයෙන් දායක වෙනවා. මිට අමතරව තවත් සුවිශේශි නලු නිලි පිරිසක් මේ චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබාදි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. sanjana ( Karisma Kapoor) මොස්තර නිරුපිකාවක්. ඇයගේ පෙම්වතා Rohan (Rajneesh Duggal ). sanjana හට මොස්තර නිරුපනය සදහා පැරිසියට යාමට අවස්ථාවක් හිමි වෙනවා. මේ ගමන යාමට පෙර ඇය Rohan හට පවසනවා ඇයව විවහා කරගන්නා ලෙස. ඔවුන් දේදෙනා නිවසේ සිට තම විවාහය ගැන කතා බහා කිරිමෙන් සිටින අතර තුර  නිවසට කඩා වදින මුහුණු වසා ගත් පිරිසක් Rohan  හට පහරදෙනවා. ඔහුද ඔවුන්ට පහර දෙනවා. මේ අතර sanjana ඔහුට පහර දෙන පුද්ගලයින්ට ඔහුට පහර දෙන්න එපා කියමින් ඔවුන් ඇද දැමිමට උත්සහා දරනවා.ඒ අවස්ථාවේදි එම එක් පුද්ගලයේක් ඇයව තල්ලු කරනවා. ඇයගේ හිස එකවර අසල තිබුනු බිත්තියක ගැටි සිහිසුන්ව ඇද වැටේනවා. නැවත ඇයට සිහිය පැමිනේද්දි ඇය සිටින්නේ රෝහලක. ඇයට එම අවස්ථාවේදි එම රෝහලේ කිසිවෙකු දකින්න නොලැබේ. එහි යමකේ සිටිද යන්න සොය බලන අතර තුර යම් නමක් කියා කවුරුන් හො අඩගසන වගක් ඇයට ඇසේනවා. ඇය එම ස්ථානයට පැමිණ බැලිමේදි එහි සිටින්නේ Rohan ය.ඔහු තුවාල ලබා  සිටින අතර ඔහුව මරා දැමිමට පිරිසක් පැමිනෙන බව පවසනවා. පසුව ඇය කවුරුන් හො පැමිනේදැයි බලන්න යනවිට ඇයට දකින්න ලැබෙන්නේ යම් පිරිසක් පැමිනේන බවයි. ඇය ඔහුව අසල තිබුනු කාමරයකට ඇදගෙන ගොස් පෙට්ටි වගයකින් ඔහුව වසා දමනවා. මේ අතර ඇයට පෙනවා එම පිරිස ඇය සිටින කාමරයටද පැමිනෙන බව ඇයද සැගවි බියෙන් බලා සිටන අතර එක වර ඇයගේ නම පවසනවා ඇසෙනවා.එම ස්ථානයට පැමිනේන්නේ දොස්තරවරියක්. ඇය සිදුවු දේ දොස්තර වරියට පවසන අතර Rohan  සැගවු ස්ථානය ඇයට පෙන්නවනවා. නමුත් එහි කිසිවකු සිටින්නේ නැත. ඒ අතර තුර දොස්තර වරිය පවසනවා ඔහුව යම් පිරිසක් පැහැරගෙන ඇති බව. පසුව ඇය ඔවුන් සිටිය නිවසට යනවා. ඇය නිවසට යන අතර තුර පැහැර ගැනිම පිලිබද පරික්ශන පොලිසිය විසින් ආරම්භ කර ඇත. මේ අතර එම නිවසට දුරකථන ඇමතුමක් එනවා. එහිදි යම් පුද්ගලයෙක් Rohan  ගේ පියා හට පවසන්නේ ඔහු නිදහස් කිරිමට කොටි 50 ක් අවශ්‍ය බවයි. මේ අතර  sanjana  මේ පිලිබදව Rohan  ගේ පියා  සමග කතා කිරිමට උත්සහා දැරිමේදි ඇයට බැන වැද එම ස්ථානයෙන් පිට වෙන ලෙස කියා සිටිනවා.ඇය තම නිවසට යන අතර තුර නිවසට පැමින සිටින ඇයගේ මිතුරිය මුණ ගැසේනවා. නිවස තුල සිටින ඇයට එකවර නැවතත් යම් කිසි හඩක් ඇසේනවා. ඇය නිවසේ දොර විවෘත කරනවා. ඇයට දැක ගන්න ලැබේන්නෙ පැරණි මාලිගාවක්. ඇය එහි ඇවිදිමින් ඉදිරියට යද්දි නැවතත්  Rohan ඇයට කතා කරනවා. මේ අවස්ථාවේදි ඔහු ඇයට පත්තරයක් ලබාදෙනවා කියවන්න කියා. ඇය එය කියවන අතර තුර එක වර ඇයගේ නම කියා කවුරු හො කතා කරනවා ඇසෙනවා ඇය හැරි බලන විට එහි සිටින්නේ ඇගේ මිතුරිය. මේ අවස්ථාවේදි මිතුරියට ඇය කියා සිටනවා ඇය හට උර්දු භාෂාව කියවිය  හැකි බව. මේයින් පුදුමයට පත්වන මිතුරිය ඇයගේ පරිඝණකයේ උර්දු වලින් ලියු ලිපියක් ඇයට පෙන්නවා . ඇය එය ඉතා පහසුවෙන් කියවනවා. මේ අවස්ථාවේදි මිතුරිය ඇයට පවසනවා දොස්තරකෙනේකු හට මේ තත්වය පවසන ලෙස. ඔවුන් දොස්තරවරියක් මුණ ගැසිමට යන අතර එම දොස්තරවරිය පවසන්නේ මේ සිදුවන්නේ ඇයගේ පෙර ආත්මයේ මතකයේ ඇති දෙවල් බවය. පසුව එම දොස්තරවරිය ඇයව පෙර ආතමය දැනගැනිමට මොහනය  කරනවා. මේතනින් පසුව සිදුවන්නේ අපුරුම සිදුවිම් රැසක්. ඇය පෙර ආත්මයේ කවුද??? ඇයට සිදුවුයේ කුමක්ද??? Rohan  හට සිදුවුයේ කුමක්ද??? ඔහුව බේරා ගැනිමට හැකිවේද??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙනම බලන්න යාළුවනි හැමොම දැන්ම. ජය ශ්‍රී.....................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ඉංග්‍රිසි  උපසිරස අන්තර් ගතයි.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Tuesday, 9 October 2012

Splinter Cell 2 (Pandora Tomorrow) (2004) නිහඩ සටන්කරු 2

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අද මම ඔයාලාට ගෙනාවා තවත් අපුරු ගෙම් එකක්. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා පසුගිය වතාවේ Splinter Cell 1 කියන  ගෙම් එක. ඉතින් දැන් මම හිතනවා Splinter Cell 2 ඔයාලාට දෙන්න කාලේ හොදයි කියලා මේ ගෙම් එක නම් වෙන්නේ Splinter Cell (Pandora Tomorrow)  නමින්. සැම් කියන්නේ කවුද ඔහු කරන්නේ මොනවද කියලා පලමු ගෙම් එක පෙලේ කරපු හැමොම දන්නවානේ දැන්. ඒ වගේම ඔහු සතුව ඇති  අපුරු අවි සහා ගැජට් කොයි විදියටද බාවිතා කරන්නේ කියලාත් පලමු ගෙම් එක පෙලේ කරානම් හැමොම දන්නවා ඇති. මේවර සැම්ට තවත් භායනක ත්‍රස්ථ වාදියෙකු සොයා ගැනිමේ මේහේයුමක් බාර දෙනවා. මේ ත්‍රස්ථාවාදියාව අල්ලන්න සැම්ට අභියොග රැසකට මුහුණ දෙන්න වෙනවා (ඒ කියන්නේ ගෙම් එක පෙලේ කරන අපිට යාළුවනි.) ඉතින් පලමු ගෙම් එක වගේම අපුරු අවි සහා ගැජට් තවත් අලුත් විදියකට අපිට මේ ගෙම් එකේදිත් ලැබේනවා. එහේමනම් ඉතින් මේ ගෙම් එකත් සාර්ථකව පෙලේ කරන්න හැමොම දැන්ම බාගෙන. ජය ශ්‍රී.............

ගෙම් එක බාගැනිමේන් ඔයාලාට ලැබෙන්නේ වින් රා ෆයිල් එකක්.  වින් රා මෙතනින් ගන්න   වින් රා  ෆයිල් එක්ක ස්ට්‍රැක් කරන අකාරය එම ලිපියේ රුප මගින් ඉදිරිපත් කර ඇත. වින් රා ෆයිල් එක ස්ට්‍රැක් කිරිමෙන් අනතුරුව ඔබට ගෙම් එකේ ඉමේජ් ෆයිල් එක ලබේනවා. එය ඩිමන් ටුල් බාවිතාකොට ඉන්ස්ටොල් කරගන්න. ඩිමන් ටුල් මේතනින් ගන්න    ඩිමන් ටුල් මගින්  ඉමේජ් ෆයිල් එකක් මවුන්ට් කර ඉන්ස්ටොල් කරන අයුරු එම ලිපියේ රුප මගින්  ඉදිරිපත්  කර ඇත.(යම් හෙයකින් ඩිමන් ටුල් වෙත ඉමේජ් ෆයිල් එක මවුන්ට් කිරිමෙන් අනතුරුව පැමිනේන තිරයේ ඉන්ස්ටොල් වෙනුවට අන්ඉන්ස්ටොල් තිබුනොත් එයින් ඉවත් වි ඩිමන් ටුල් ඉන්ස්ටොල් කිරිමෙන් ඔබගේ පරිඝණකයේ මයි කම්පියුටර් වෙත ලැබෙන නව සිඩි රොම් එක විවෘත කරන්න. එහි ඇති setup.exe  ඩබල් කිලික් කර ගෙම් එක ඉන්ස්ටොල් කරගන්න).ගෙම් එක ඉන්ස්ටොල් කිරිමෙන් අනතුරුව ඩිමන් ටුල් ඉන්ස්ටොල් කිරිමෙන් ඔබගේ පරිඝණකයේ මයි කම්පියුටර් වෙත ලැබෙන නව සිඩි රොම් එක විවෘත කරන්න. එහි ඇති patch නමින් සදහාන් ෆොල්ඩරය විවෘත කර ඒ තුල ඇති සෙටප් ෆයිල් එක ඉන්ස්ටොල් කරගන්න.ඉන් අනතුරුව ඔබට ගෙම් එක පෙලේ කල හැක. ඔබ ගෙම් එක පෙලේ කිරිමේදි සැම විටම ඩිමන් ටුල් වෙත ඉමේජ් ෆයිල් එක මුවුන්ට් කරන්න මතක තබා ගන්න. එසේ නොකලොත් please insert CD 3 into your drivc  ලෙසින් මැසෙජ් එකක් ඔබගේ තිරයට පැමින ගෙම් එක පෙලේ කිරිමට නොහැකි වේවි. ගෙම් එක පෙලේ කිරිමට ඔබගේ ඩෙක්ස්ටොප් එකට ලැබේන ශොට් කට් එක ඩබල් කිලික් කිරිමේන් අනතුරුව ගෙම් එක විවෘත වි ගෙම් එකට සම්බන්ද විඩියොවක් පෙලේ වි ගෙම් එකේ ප්‍රධාන මේනුව ඔබට හිමිවේ. එහි ඇති single player කොටුව කිලික් කරන්න. එවිට එබගේ පරිඝණක තිරයෙන් ගෙම් එක ඉවත් වි ගියොත් නැවත ගෙම් එක විවෘත කිරිමෙන් වැලකි සිට  විනාඩි කිපයක් රැදි සිටින්න ගෙම් එක නැවතත් විවෘත වේ. ඉන් අනතුරුව ඔබට ගෙම් එක පෙලේ කල හැක.


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



SYSTEM REQUIREMENTS
MINIMUM PC REQUIREMENTS
Windows 98/ME/2000/XP
MINIMUM
Pentium III or AMD Athlon 1GHz Processor
256MB RAM
64MB DirectX compatible Video Card
DirectX compatible Sound Card
DirectX 8.1
8X CD-ROM or 4X DVD-ROM Drive
3GB Hard Disk Space
Keyboard
Mouse
RECOMMENDED
Pentium 4 1.8GHz Processor
512MB RAM
128MB DirectX compatible Video Card
DirectX compatible Sound Card with EAX
DirectX 9.0
16X CD-ROM Drive
3GB Hard Disk Space
Mouse with Wheel
Headset


ටොරන්ට් එක මේතනින් ගන්න download 2.25GB torrent

Monday, 8 October 2012

Street.racer.(2008.) නගරයේ දාවකයො

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. කාර් රෙස් බලන්න කැමති කට්ටියටනම් මේ චිත්‍රපටිය ගොඩාක් හිතට අල්ලාවි. මේ චිත්‍රපටිය තමා Street.racer.(2008.). මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Clint Browning රංගනයේන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Dorothy Drury සිය රංගන දායකත්වය ලබාදේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක්ද චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. මෙ චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් යාළුවනි ඔයාලාට. Johnny (Clint Browning) කියන්නේ නගරයේ රෙස් පදින කන්ඩායාමක සිටින තරුණයේක්. ඔහු පදින එක් රෙස් එකකදි ප්‍රතිවාදියා කරන ලද වැරදි වැඩකින් රිය අනතුරක් සිදුවෙනවා . මේ අනතුරට දඩුවම් ලෙස වසර 5ක සිරදඩුවම් නියම වෙනවා Johnny හට. වසර පහකට පසුව නැවතත් ඔහු නිදහස්වි පැමිනේනවා එක් පුද්ගලයෙක් මුණ ගැසේන්න. එහිදි ඔහුට යම් සථානයක ලිපිනයක් ලබා දෙනවා රැකියාවක් කිරිමට.Johnny එම ස්ථානයේ රැකියාව කිරිමට යනවා. එහිදි ඔහුට තරුණයෙක් මුණ ගැසේනවා. ඔහුට රැකියාව කිරිමට ලැබේන්නේ  විශාල ගරාජයක.  මේ අතර ඔහුට රැකියාව ලබා දුන් පුද්ගලයා  ඔහුට නැවතත් රෙස් පදින්න කියලා කියනවා. ඔහු රැකියාව කරන ස්ථානයේ අයිති කරු සතු කාරය රැගෙන යන ඔහු නගරයේ රෙස් පදින පිරිස වෙත ගොස් එක් රෙස් එකක් තියනවා Johnny මේ රෙස් එකෙන් ජය ගන්නා අතර වාහනය නැවතත් ගෙනත් දැමිමට පැමිනි අවස්ථාවේදි අයිති කරු ඔහුට බැන වැද රැකියාවෙන් අස්කරනවා. මේ අතර ඔහු තවත් එක් දෙයක් සිදු කරනවා. ඔහුගේ අතින් සිදු වු රිය අනතුර නිසා  එක් තරුණයෙක් හට ඇවිදිමට බැරිව යනවා. මේ තරුණයාට ප්‍රථිකාර කරන රොහලේ සුද්ද පවිත්‍ර කරන්නකු ලෙස ඔහු රැකියාවක් කරන්න  පටන් ගන්නවා. මේ අතර තුර එම තරුණයා සමග Johnny හිතවත් වෙනවා. ඒ අතර එම තරුණයාගේ සහොදරිය වන Kelly (Dorothy Drury) මුණ ගැසේනවා. ඔවුන් දේදෙනා අතරද දැඩි හිතවත් කමක් ඇතිවෙනවා. එම තරුණයාට ඇවිදිමට උදව් කරමින් එම ස්ථානයේ රැකියාව කරන අතර නැවතත් Johnny  රෙස් එකක් සදහා සහාබාගි වෙනවා. මේ අවස්ථාවේදි ඔහු යොදා ගන්නේ වෙනත් කාරයක්. එහිදි ඔහු රෙස් එක පරදිනවා. පසුව ඔහු නැවතත් කලින් රැකියාව කරපු ස්ථානයේ අයිති කරු මුණ ගැසිමට යනවා. මේතනින් පස්සේ සිදුවන්නේ අපුරුම දෙයක්. ඒ කුමක්ද??? චිත්‍රපටිය බාගෙනම බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී........................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



මා විසින් ලබාදි ඇති ටොරන්ට් එකේ සිඩර්ස් ප්‍රමාණය අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු / වැඩි විය හැක.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Sunday, 7 October 2012

Death Warrant (1990) මරණ සහතිකය

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. ඇක්ශන්/ඩ්‍රමා ගනයට අයත් චිත්‍රපටියක් තමා මේ Death Warrant (1990). මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ සුපිරි සටන් ඇක්ශන් නලු Jean-Claude Van Damme  ප්‍රධාන නිලිය ලෙස Cynthia Gibb රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලියන් පිරිසක් චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබාදි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් යාළුවනි ඔයාලාට. Louis Burke (Van Damme) පොලිස් නිලදාරියේක්. ඔහුට ලැබේනවා විශේශ මේහුයුමක්. යම් පුද්ගලයේකුගේ සැක සහිත මරණයක් පිලිබදව සේවිමට. මේ සදහා ඔහු සිරකරුවකු ලෙස බන්ධනාගාරයකට යනවා. මේහිදි ඔහුට යම් යම් පුද්ගලයින් හමුවෙනවා. ඒ අතර ඔහුට ප්‍රශ්න ඇති කරන්නත් පිරිසක් උත්සහා කරනවා. තමන්ට හිතවත් වුන් පුද්ගලයින් සමග මේ මරණයට සම්බන්ද විස්තර හොයා බලනවා බොහොම  රහසිගතව. ඒ අතර ඔහුගේ ජිවිතයට හානි කිරිමට යම් පිරිසක් උත්සහා දරන අතර ඔහු ඔවුන්ගෙන් බේරිමට ඔවුන් සමග සටන් කිරිමටත් සිදුවෙනවා. මිට වඩා යමක් මම මේ කතාව ගැන කියන්නේ නැ යාළුවනි. Louis හට මේම මරණයේ සැබැ තොරතුරු සොයා ගත හැකිවේද??? ඔහුට ලැබේන අභියොග මොනවාද??? Van Damme ගේ සුපුරුදු සටන් රාශියකින් සමන්විත චිත්‍රපටියක් මේක.  චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී.................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



මා විසින් ලබා දි ඇති ටොරන්ට් එකේ සිඩර්ස් ප්‍රමාණය අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු /වැඩි විය හැක.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday, 6 October 2012

Kung Fu The Legend Continues Season_1 (1993)කුංෆු නැවතත් 1

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ඔයාලාට දෙන්න තවත් අපුරු ටිවි කතා මාලාවක් අරගෙන ආවා. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා කුංෆු  කියන අපුරු කතා මාලාව. ඒ වගේම ඒ කතාමාලාව අවසන් කලා කියලාත් මතකයිනේ. මේ කතා මාලාව මම ඔයාලාට ලබාදිමට කලින් අනිවාරයෙන්ම රුපවාහිනියෙන් එක් වරක් හො ඔයාලා නරබලා තියෙන්න ඇති බොහෝ දුරට. නමුත් අද මම ඔයාලාට දෙන්නේ ලංකාවේ කිසිම ටිවි නාලිකාවක විකාශය නොවුනු කුංෆු කතා මාලාවක්. ඒ තමා Kung Fu The Legend Continues(1993)  කියන කතා මාලාව. මෙ අප කලින් නැරබු කතාව තවත් වෙනස් කොට  වසර 50 ඉදිරියට රැගෙන යන අකාරයට නිර්මානය වුවක්. මේ කතාවෙත් ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපේ සුපුරුදු විරයා වන David Carradine වන අතර තවත් ප්‍රධාන චරිතය ලෙස මේම කතා මාලාවට එකතුවනවා Chris Potter. මේහි කතාව කලින් කතාවට වඩා වෙනස් වෙනවා. ඔයාලාට මතක ඇතිනේ Kwai Chang Caine (David Carradine) කුංෆු නැමති සටන් කලාව හදාරනවා කුඩා කල සිට පාසලක්  තුල. මේ පාසලේ සිටින ඔහුගේ ගුරුවරයා මිය ගියාට පසුව ඔහු එම පාසලෙන් පිටත පැමින විවිධා කාර ගම් දනව් කරා ගමන් කරමින් ඔහු ඉගෙන ගත් සටන් කලාවේන් අසරණ වු පිඩාවට පත් වු ජනතාවට උදව් කරමින් ගමන් කරනවා. අනතුරුව ඔහු නැවතත් මේම පාසලට පැමිනේනවා. එහිදි ඔහුට කුඩා සිසුවෙක් හමුවෙනවා. එම සිසුවාට ඔහු ඉතා හොදින් සටන් කලාව උගන්වමින් පවතින අතර අනිකුත් සිසුන්ටද සටන් කලාව උගන්වමින් ගුරුවරයෙක් ලෙස පාසලේ වැඩ කටයුතු කරමින් සිටිනවා. මේ පාසලේ සිටින එක් ගුරුවරයෙක් ඔහු සමග අමනාපයක් ඇතිකරගන්නවා  යම් සිදුවිමක් නිසා. පසුව ඔහු මේම පාසල පුපුරා හරිනවා. මේම සිදුවිමේන් පසුව එහි සිටි සියලු දෙනාට පාසල අහිමි වෙන අතර එහි සිටි සියලු දෙනා විසිරි යනවා. මෙ අතර තුර  Chang  සහා ඔහුගේ සිසුද වෙන්වෙනවා. මේ සිසුවා Chang  ඔහුගේ පියා ලෙසයි සලකන්නේ. පසුව නැවතත් වසර 50කට පසුව Chang  නැවතත් නගරයකට පැමිනේනවා. එහි ඔහුගේ පුතුද සිටිනවා. මේ වන විට ඔහු දක්ශ පොලිස් නිලධාරියෙක්. කෙසේ හො ඔවුන් නැවතත් මුණ ගැසේනවා එක් සිදුවිමකින් නගරයේ සිදුවන. මේතනින් එහාට එම නගරය තුල තමා මේ කතාව ගමන් කරන්නේ විවිධා කාර අභියොග රැසක් මැද   Chang  සහා ඔහුගේ පුතුත්. ඉතින් මේ කතාවත් සටන් වගේම ඇක්ශන් වලිනුත් පිරිනු අපුරු කුංෆු කතා මාලාවක්. මේක ඔයාලා හැමොම ගොඩාක් ආසවෙන් නරබයි කියලා මම හිතනවා. එහේමනම් යාළුවනි හැමොම බාගෙන බලන්න මේ කතා මාලාව. ජය ශ්‍රී..........


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




මා විසින් ලබා දි ඇති ටොරන්ට් එකට සිඩර්ස් ප්‍රමානය ඉතාමත් අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුක‍මේ වේගය මත ඩවුන් ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.



ටොරන්ට් එක මේතනින් ගන්න download 7.52GB torrent

Friday, 5 October 2012

The Adventures of Tintin (2011) ටින් ටින්ගේ විර ක්‍රියා (යුනිකොන් නැවේ අභිරහස)

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇනිමේශන් චිත්‍රපටියක් නම ඇහුව සැනින් ඔයාලා මේ චරිතයනම් හොදටම අදුරනවා  The Adventures of Tintin (2011). මේම චිත්‍රපටිය 2011 වසරේ අවසාන මාසයේ  තමා තිරගත විම් ආරම්භ කලේ. මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු ඇනිමේශන් චිත්‍රපටියක්. එම චරිත සැබැ සවරුපයටම නිර්මානය කිරිමට නිර්මානකරුවන් දැඩි වේහේසක් දරා තිබේනවා. ඇත්තටම එය හරිම අපුරු නිර්මානයක්. ටින් ටින් කියන්නේ රහස් පරික්ශකවරයෙක්. ඔහුට එක් නගරයක වෙලද පොලක සිටින පුද්ගලයේක් සතුව තිබි නැවක අනුරුවක් හමුවේනවා. මේ අනුරුව ටින් ටින් මිලදි ගන්නවා. එම අවස්ථාවේදිම එම ස්ථානයට පැමිනේන තවත් පුද්ගලයෙක් එම නැව මිලදි ගන්න උත්සහා කරන නමුත් ඒ වන විට එය ටින් ටින් මිලදි ගෙන ඇති බව වෙලදාම් කරන පුද්ගලයා පවසනවා. පසුව ඔහු එය ටින් ටින්ගෙන් වැඩි මුදලක් ලබා දි මිලට ගැනිමට උත්සහා කරනවා. නමුත් ටින් ටින් එය විකිනිම ප්‍රතික්ශෙප කරනවා.එම පුද්ගලයා එම ස්ථානයෙන් පිටව යද්දි ටින් ටින් හට එක් දෙයක් පවසනවා. එම නැව නිසා ඔහු කරදරයක පැටලෙන්නයි යන්නේ  එම නැවත් රැගෙන ඉක්මනින් එම නගරයෙන් පිටවෙන්න කියලා. ඒ අතර එම ස්ථානයට පැමිනේන තවත් පුද්ගලයෙක් මේම නැව මිලට ගැනිමට උත්සහා දරනවා. නමුත් ටින් ටින් ඔහුටද කලින් පුද්ගලයාට දුන් පිලිතුරම ලබා දේනවා. ඔහු එම නැව පිලිබදව යම් කතාවක් ටින් ටින් හට පවසනවා. ඉන් අනතුරුව ටින් ටින් එම ස්ථානයෙන් පිටව යනවා. ටින් ටින් ඔහු සිටින කාමරයට පැමින නැව යම් ස්ථානයක තියනවා. මේ අතර ටින් ටින් ගේ සුරතල් බලු පැටියා ස්නොවි පුසෙකු සමග රංඩු කරන්න ගිහින් එම නැව බිමට වැටේනවා. එය නැවත සකස් කර තියන්න යැමේදි එහි තිබි යම් බටයක් බිමට වැටි කබඩ් එකක් යටට වැටේනවා. මේය ටින් ටින් නොදකින අතර ස්නොවි දකිනවා. පසුව ටින් ටින් මේම නැව පිලිබදව තොරතුරු සෙවිමට පුස්තකාලයකට යනවා. ඔහුට එහිදි පොතක තිබි විශාල තොරතුරු රැසක් මේම නැව ගැන දැනගන්න ලැබේනවා. ටින් ටින් නැවත ඔහුගේ කාමරයට එන විට නැව එම තිබු තැනින් අතුරුදහන්ව ඇත. මේ නැවට සිදු වුයේ කුමක්ද??? නැවේ අභිරහස සොයන්න ටින් ටින් හට ලැබේන අභියොග මොනවාද??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී.................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


ටොරන්ට් එක බාගැනිමේදි  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් අනතුරුව් විවෘත වන නව පිටුවේ ඇති  තැබිලි පැහැති TORRENT DOWNLOAD නමින් ඇති ස්ථානය කිලික් කරන්න එවිට මද වේලාවකින් ටොරන්ට් එක ඩවුන්ලොඩ් විම ආරම්භ වේ.

ඉංග්‍රිසි උපසිරස ගොනුව චිත්‍රපටියේ ගොනුව සමගින් ඇත

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday, 4 October 2012

The Hunger Games (2012) තරගයේ ජය කාටද

ආයුබෝවන් යාළුවනි.....ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල. මේ චිත්‍රපටිය ඇක්ශන්/ක්‍රියාදාම ගනයට අයත් චිත්‍රපටියක්.The Hunger Games (2012). මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Jennifer Lawrence රංගනයේන් දායක වන අතර තවත් නලු නිලියන් රැසකගේ දායකත්වය චිත්‍රපටිය සදහා ලැබි  ඇත. මේ චිත්‍රපටියේ කතාව එක්තරා තරගයක් පිලිබදවයි. මේම තරගයට දිස්ත්‍රික්ක රැසකින් පිරිස පැමිනේනවා. මේ තරගය සදහා එක දිස්ත්‍රික්කයකින් තරග කරුවන්  දේදෙනෙක් පමණයි තොරා ගන්නේ. පිරිමි කෙනෙකුත් ගැහැණු කෙනේකුත් තමා තොරගන්නේ. දිස්ත්‍රික්කයේ සිටින  සියල්ලන්ගේම නම්  තුන්ඩුවල ලියා එවා අතරේන් තොරාගන්නා  තුන්ඩු වල නම ඇති පිරිමි කෙනාත් ගැහැණු කෙනාත් තරගය සදහා ඉදිරිපත් වේ. එක් දිස්ත්‍රික්කයක තරගකරුවන් තොරා ගැනිමේන්  කුඩා ගැහැණු ලමයෙක් තෙරේනවා. ඇය වේනුවට ඇගේ සොහොයුරිය වන Katniss Everdeen (Jennifer Lawrence) ඉදිරිපත්වේනවා. මේම තරගය මරණය තෙක් කරන තරගයක් වන අතර එය සියල්ලන්ටම නැරබිමට හැකි ටිවි වැඩසටහනක්. ඉතින් මිට වඩා දෙයක් මම මේ චිත්‍රපටිය ගැන ඔයාලාට කියන්නේ නැ යාළුවනි.  මේ තරගය ඇය ජයගන්නවාද ??? ඇයට ලැබේන අභියොග මොනවාද??? පිලිතුරු දැන ගන්න චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම හැමොම. ජය ශ්‍රී...............


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින්  ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක බාගැනිමේදි  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් අනතුරුව් විවෘත වන නව පිටුවේ ඇති  තැබිලි පැහැති TORRENT DOWNLOAD නමින් ඇති ස්ථානය කිලික් කරන්න එවිට මද වේලාවකින් ටොරන්ට් එක ඩවුන්ලොඩ් විම ආරම්භ වේ.

චිත්‍රපටියේ ගොනුව තුල ඉංග්‍රිසි උපසිරස ගොනුවද ඇත.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Wednesday, 3 October 2012

Snow White and the Huntsman[2012] මයාවට එරේහිව

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුනි මාසයේ තිරගතවිම් ආරම්භකල චිත්‍රපටියක්. ඇක්ශන්/ඩ්‍රමා ගනයට අයත් මේම චිත්‍රපටිය Snow White and the Huntsman[2012]. මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Kristen Stewart රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නලු ලෙස Chris Hemsworth  රංගනයේන් දායක වේ. මිට අමතරව තවත් සුවිශේශි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් යාළුවනි ඔයාලාට. එක් රජකු සහා කුමරියක් තම රාජ්‍ය බොහොම සාමකාමිව පාලනය කරමින් සතුටින් ජිවත් වේනවා රට වැසියන් සමගින්. මේ කුමරියට  දරුවෙක් ලැබේනවා. එම දරුවා ගැහැණු දරුවේක්. මේ කුමරිය ඇයට තබන නම තමා Snow White. එම දැරිය ඉතාම සුන්දර තරුණියක්. ඇයට හැමොම ආදරය කලා. නමුත් හදිස්සියේ  රජ කුමරිය මිය යනවා. රජු සහා Snow White දැඩි වේදනාවට පත්වේනවා මෙ සිදුවිමේන්. රජුගේ මානසිකත්වය දැඩි ලෙස දුර්වල වේනවා. මේය අවස්ථාවක් කරගෙන එක්තරා රජේක් එම රට අක්‍රමනය කිරිමට සටන් කරනවා. නමුත් එම උත්සහාය අසාර්ථක වේනවා. ඔවුන් සටනින් පරදිනවා. මේ අතර සටන් බිමේ හැර ගිය එක් කරත්තයක් තුල සිට තරුණියක් හමුවේනවා. ඇය බොහොම සුන්දර තරුණියක්. මේ තරුණිය රජ මාලිගාවට රැගෙන යනවා. පසුව රජු ඇයව විවහා කරගන්නවා. විවහා දින රාත්ත්‍රියේ සිදුවන්නේ  විශාල කුමන්ත්‍රනයක්. ඒ කුමක්ද ???  කතාව බොහොම පොඩියටයි කිව්වෙ යාළුවනි. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී...................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක බාගැනිමේදි  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් අනතුරුව් විවෘත වන නව පිටුවේ ඇති  තැබිලි පැහැති TORRENT DOWNLOAD නමින් ඇති ස්ථානය කිලික් කරන්න එවිට මද වේලාවකින් ටොරන්ට් එක ඩවුන්ලොඩ් විම ආරම්භ වේ.

ඉංග්‍රිසි උපසිරස ගොනුව චිත්‍රපටිය සමගින් ඇත

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com