Wednesday 12 September 2012

Restitution.2011 වන්දි ගෙවිම

ආයුබෝවන්  යාළුවනි...... ඔන්න අදත් තවත් අපරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට දෙන්න. මේ චිත්‍රපටිය 2011 වසරේ නිකුත් වුනු චිත්‍රපටියක්. Restitution.2011.  රහස් පරික්ශක  චිත්‍රපට ගනයට අයත් චිත්‍රපටියක් මේක. මෙහි ප්‍රධාන චරිතයට Mark Bierlein රංගන දායකත්වය ලබා දෙනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් ඔයාලාට. Bryan spikes (Mark Bierlein )  නැමති පුද්ගලයා යම් දෙයක් පිලිබදව තොරතුරු රැස් කරමින්  යම් යම් ස්ථානවලට යනවා. ඔහු එම ස්ථාන විඩියො කිරිමක්ද කරනවා. මේ අතර ඔහුට නගරයේ අවන් හලක් තුලදි සුරුපි තරුණියක් මුණ ගැසේනවා. ඇය සහා Bryan අතර දැඩි හිතවත් කමක් ඇති වෙන අතර ඔවුන් එකට ජිවත් විමටද පටන් ගන්නවා. මේ අතර Bryan විසින් එක් රැස් කල තොරතුරු සියල්ල එක්තරා පුද්ගලයේක් මුණ ගැසි ඔහුට ලබා දෙනවා. මේ ස්ථානයේදි ඔහුට පානය කිරිමට බිම විදුරැවක් ලබා දෙන එම පුද්ගලයා ඔහු සමග යම් දෙයක් පිලිබද කතා බහා කරනවා. ඉන් අනතුරුව Bryan එම ස්ථානයේන් පිටව යැමට සුදානම් වන අවස්ථාවේදි  ඔහු සිහිසුන්ව බිම ඇද වැටේනවා. ඔහු නැවතත් පියවි සිහියට පැමිනේන අවස්ථාවේදි ඔහුව දම් වැල් වලින් ගැට ගසා පිරිසක් වට කරගෙන සිටිනවා. ඔහුට දැඩි ලෙස පහරදි අවසානයේ  ඔහුගේ මුහුණ  බැගයකින් වසා අත් පා ගැට ගසා  වතුරට තල්ලු කර දමනවා. වසරක් ඉක්මව ගිය පසු එම නගරයට පැමිනේනවා Alex forrester නම් පරික්ශක වරයේක් Bryan spikes  ගේ මරණය පිලිබද පරික්ශන සිදු කිරිමට. ඉතින් ඔහුට මේ පරික්ශනයේදි ලැබේන අභියොග රැසක් තියනවා ඔහු එවා විසදන අයුරු දැනගන්නත්  Bryan spikes මිණිමරුවන් කවුරුද කියලා ඔහු දැනගනිවිද කියලා දැනගන්නත්  මේ චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී..................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com