Monday 1 April 2013

Trust (2010) විශ්වාසය ( දියනියන් සිටින දෙමාපියනි...සොහොයුරියන් සිටින සහොදරයනි...මේම චිත්‍රපටිය අනිවාරයෙන් නරබන්න...මේ ඔබේ දියනිය හො සොහොයුරිය විය හැකිය...)

ආයුබෝවන් යාළුවනි..........අදත් මම ඔයාලාට චිත්‍රපටියක් අරගෙන ආවා. නමුත් අද මම ඔයාලාට ලාබා දෙන චිත්‍රපටිය වෙනාදට දෙන විදය සටන් වලින් පිරුනු/  විහිලු තහාලු කරන/ ආදරය කරන සිංදු කියන ජාතිය චිත්‍රපටියක් නෙමේ. මේ චිත්‍රපටිය එක්තරා විශේෂ චිත්‍රපටියක්. මේය තිරගත වුනේ 2010 වසරේදි.  මේම චිත්‍රපටිය නිර්මානය වන්නෙ අද වන විට ලොකයේම අවදානය ගෙන දුන් එක් තැනක් පිලිබදවයි. ඒ ඔබ අප කවුරුත් බාවිතා කරන අන්තර් ජාලය සහා ෆෙස් බුක් නැමති  ස්ථාන 2ක පිළිබදවයි. අදාරනිය මිතුර මිතුරියනි. අප ඔබ මේ බාවිතා කරන අන්තර් ජාලය නැමති විශ්ව ගම්මානය නිර්මානය වි ඇත්තේ ලිංගිකත්වය වැනි පහත් අරමුණු ඉටු කරගැනිමේ තොතැන්නක් ලෙස නොව. අන්තර් ජාලය යනු මිනිසාගේ එදිනදා වැඩ කටයුතු තුලදි බොහො සෙයින් බාවිතයට ගත හැකි ඉතාමත් වටිනා සම්පතක්. ලොකයේ එක් කෙලවරක සිට තවත් කෙලවරක් තප්පරයකින් අඩකටත් වැඩිය වෙගයකින් සම්බන්ද කල හැකි අති විශිෂ්ට මාධ්‍යක් තමා අන්තර් ජාලය කියන්නේ.ඒ වගේම ඔනේම කෙනේක්ට ලොකයේ ඔනැම තැනක සිට තවත් ස්ථානයකට ඇමතුමක් / පණිවිඩයක්/ ලිපි ගොනුවක්  වැනි දෙයක් ඉතාමත් වෙගයෙන් ලබා දිමටද මේම අන්තර් ජාලය හරහා සිදු කල හැකි තවත් විශාල කටයුත්තකි. ඒ වගේම මිනිසාට පියවි ඇසට දැකිමට නොහැකි දේ  ලොකයේ සුන්දර ස්ථාන විවිධ ස්ථානයන් හි  තොරතුරු දැන ගැනිමට ඉතාමත් අපුරු මාධ්‍යයක් ලෙස මේම අන්තර් ජාලය අපට වැදගත් වේ. ව්‍යාපාරික කටයුතු සදහාද විශාල වශයෙන් අද වන විට අන්තර් ජාලයෙන් ලැබේන සහායොගයද වැදගත් තැනක් හිමිව ඇත. මේ සියලු කටයුතු සහා තවත් බොහො දේ අන්තර් ජාලය නැමති විශ්ව ගම්මානයෙන් අපට ලබා ගත හැක. පාසල් සිසු දරුවන් හටද ඉගෙනිමේ කටයුතු වලදි අන්තර් ජාලය යනු සැබවින්ම පුස්තකාලයක් හා සමාන ස්ථානයක්. මේ අකාරයට වැදගත් වන අන්තර් ජාලය හරාහා තවත් එක් විශේෂ නමක් අද වන විට අප අතර බාවිතා වෙනවා. ඒ තමා ෆෙස් බුක් මාධ්‍ය. මේම අපුරු නිර්මානය හරහා ලොකයේ සිටන බොහො දෙනා මිතුරන් ලෙස අදුනා ගැනිමක් සිදු කල හැකි අතර තවත් බොහො දේ කල හැකිය. නමුත් ගැටලුවද මතුවි ඇත්තේ මේ කාරනාව තුලයි. මන්ද අද වන විට ෆෙස් බුක් මාධ්‍ය හා සමාන මාධ්‍යාන් රැසක් ලොව පුරා අන්තර් ජාලය හරාහා නිර්මානය වි ඇති අතර මේවා අතරින් සැබවින්ම 100% විශ්වාස කල හැකි මාධ්‍යන් ඇත්තේ සුලු ප්‍රමානයකි. ඒ මන්ද යත් අද වන විට අන්තර් ජාලය යනු එක් පිරිසකට ලිංගික අශාවන් මුදුන් පත් කරගැනිමේ තොතැන්නක් පමනක් විමය. මේම විශාල පිලලය හරහා අපගේ පුද්ගලිකත්වයට පවා දැඩි තර්ජනයක් එල්ල වි ඇත. ඒ අපගේ පිංතුරයක් අන්තර් ජාලය තුලට මොනයම් හේතුවකට හො ඇතුලත් කිරිමේදි ඒ පිලිබදව 1000ස් වාරයක් සිතිමට සිදුවි ඇත. ඉට හේතුව මේම කාමතුරයන් විසින් අපගේ පිංතුර ඔවුන්ගෙ මේ විශාල පිලලයට නතු කරගැනිමයි. මේවැනි අකටයුතුකම් මේ වන විට අන්තර් ජාලය හරහා ඉතාමත් භායානක අකාරයට සිදු කෙරේනවා. මේවැනි පුද්ගලයින් හට ඔවුන්ගේ මේම ක්‍රියාවලිය සාර්ථක කර ගැනිමට විශාල තොතැන්නක් වි ඇත්තේ ෆෙස් බුක් මාධ්‍ය විමත් ඉතා කණගාටු දායක තත්වයකි. ලොකයේ අද වන විට එක් දිනකට කන්තාවන් කිහිප දෙනේක් ලිංගික අතවරයට පත් වන බව නවතම සමික්ශන වාර්ථා ඔප්පු කර හමාරය. ඉට කදිම උදාහරනයක් ලෙස  අප රටට අසල්වැසි රට වන ඉන්දියාව ගත හැක. ඉන්දියාව වැනි රටක දිනකට නිර්මානය වන අසබ්බ්‍ය වෙබ් අඩවි ප්‍රමානය ඉතා ඉහල මට්ටමක පවතින අතරම මෙවැනි වෙබ් අඩවි ලොකයේ රටවල් බොහොමයක නිර්මානය වි ඇත. මේම වෙබ් අඩවි සදහා යොදා ගන්නා නිල් චිත්‍රපට සහා අසබ්බ්‍ය පිංතුර  හුව මාරු කරගැනිමට හොදම තොතැන්නක් ලෙස ෆෙස් බුක් මාධ්‍ය පත් වි ඇත. මේ සදහා විශේෂයෙන් කාන්තාවන්ගේ තරැණියන්ගේ පිංතුර යොදා ගනි. මෙම ක්‍රියාවට අද වන විට බොහො කාමතුරයින් යොදා ගන්නේ ඉතාමත් අපුරු ක්‍රම වෙදයකි. ඒ කාන්තාවකගේ නමින් ෆෙස් බුක් එකවුන්ට් එකක් නිර්මානය කර එමගින් මිතුරියන් බොහො දෙනා ඇති කරගෙන ඔවුන්ව මේම කාමතුරයින්ගෙ ගොදුරු බවට පත්කරගනැමයි. මේම හෙතුව නිසාම අද වන විට ෆෙස් බුක් මාධ්‍ය හරාහා යමේක් කාන්තාවක් මිතුරියක ලෙස එකතු කර ගත් විට ඇයගෙන බලාපොරොත්තු වන්නේ ලිංගිකත්වය මුල් කොට ගත් මිතුරු කමකි. ආදරනිය මිතුර මිතුරියනි. කාන්තාවක් යනු පිරිමියෙකුගේ ලිංගික ආශාවන් මුදුන්පත් කරගැනිම උදේසා ලොවට බිහි වු  කෙනේක් නොව. කාන්තාවක් යනු විටක මවක් / සොහොයුරියක් / මිතුරියක් / පෙම්වතියක් / බිරිදක් යන බොහො බැදිම් සමග අප ජිවිතයට සම්බන්ධ වන කෙනෙක්. එවැනි කෙනෙක් හුදේක් ලිංගිකත්වය මුල් කොට ගෙන යමෙක් ඇය මැන බලන්නේනම් එය ඉතාමත් පහත් ක්‍රියාවකි. අන්තර් ජාලය හරහා මේම සිදුවන අපරාධ වලට අද ලොකය දිව යන තරග කාරි ජිවන රටාවද බොහො සේ ඉවහල් වි ඇත. ඒ මන්ද යත් දෙමාපියන් තරග කාරි අයුරින් ජිවන බර විසදිමට උදේ / දවල්/ රැ නිදි නොලබා සිය රැකියා කටයුතු වල නිරත වේ. මේ අතර තුර තමන් ගේ දරැවන් කාගේ හො සුරැකුම් ස්ථානයක නවතා යාමක් නැතිනම් වයසක කෙනේක්ට බාර දි යාමක්. නිවසේ වැඩ කරන කෙනේක්ට බාරි දිමක් සිදු වෙනවා. මේම හෙතුව නිසාම දරැවන් තමන්ගේ නිදහසද ඉතා හොදින් බුක්ති විදිනවා. මේ නිදහසට දෙමාපියන්ගෙන් ලැබේන තවත් එක් තැග්ගක් ලෙස පරිඝණකය සහා ජංගම දුරකථනය අද හැදින්විය හැකිය. ලොකය පිලිබද හයක් හතරක් නොදත් වයසක සිට මේම පරිඝණකය සහා ජංගම දුරකථනය දරැවන් අතට පත් කරන දෙමාපියන් ඔවුන් එයින් කරන කියන දේ පිලිබදව සොයා බලන්නෙ සැබවින්ම ඉතාමත් සුලු දෙමාපියන් පිරිසක් පමනි. මේ හේතුව නිසාම මේම අපරාධ හරහා සිදුවන අපයොජන තුලට එම දරැවන් ඇබ්බැහියි විමක් සිදුවන අතර ඔවුන් එම දෙවල්වල නිරන්තරයෙන් යෙදිමක් සිදුවෙනවා. මෙ අතරින් අසබ්බ්‍ය වෙබ් අඩවි නැරබිම /නිල් චිත්‍රපටි නැරබිම / අසබ්බ්‍ය පිංතුර නැරබිම අද වන විට බොහො සෙයින් ඉහල ගොස් ඇත. මෙවාට අමතරව මා කලින් කි ලෙස ෆෙස් බුක් කාමුකයන් හා මිතුරු කම් ආරම්භ කර ඔවුන් එම පුද්ගලයින් හමුවිමට ඔවුන්ට ආදරය කිරිමට තම නිරුවත් පිංතුර ඔවුන්ට ලබා දිමට කැමරා ඉදිරියේ නිරුවත් විම වැනි බායනක දේ වලටත්. ඔවුන් හමුවි ඔවුන් සමග ලිංගික ඇසුරට පවා යොමු වන අවස්ථාවන් අද ලොකයේ බොහො සෙයින් සිදුවන අපරාධ අතර වේ.  ආදරනිය මිතුර මිතුරියනි ඔබ ෆෙස් බුක් එකවුන්ට් එකක් බාවිතා කරන්නේනම් කිසිම විටක එහි ඔබගේ පිංතුර පල කිරිමේන් වලකින්න. ඒ වගේම ඔබ වෙනත් කෙනේකුගේ පිංතුර ඇතුලත් කිරිමෙන්ද වලකින්න. ඒ ඔබේ මෙන්ම අහිංසක දෙමාපියකුගේ දරුවෙකුගේ පිංතුරයක් විය හැකියි. එවැනි දෙයක් හරහා එම දියනියගේ සොහොයුරියගේ අනාගතයම විනාශ විය හැකිය. අද වන විට විවහාක කාන්තාවන් පවා මේම ෆෙස් බුක් මාධ්‍ය බාවිතා කරන අතර මේ වන විට කාමතුරයන් නිසා එම විවහායන් පවා කඩා කප්පල් කරගත් කාන්තාවන්ද ඔනා තරම් සිටි. මේම හේතුව නිසා ෆෙස් බුක් මාධ්‍ය බාවිතයෙදි හැකි උපරිමයේ ඔබ ඔබගේ පවුද්ගලිකත්වය අරාක්ශා කරගැනිමට වග බලා ගන්න. එලේසින්ම මේවැනි කාමතුරයන් ලෙස වෙනත් නම් වලින් පෙනි සිට ෆෙස් බුක් මාධ්‍ය හරහා එවැනි දේට සම්බන්ධ විමෙන් වැලකි සිටින්න. තවද අන්තර් ජාලය යනු මේම ලිංගිකත්වය මුල් කොට නිර්මානය නොවු ස්ථානයක් නොවුනද අද වන විට ලොකයේ බොහො රටවල කුඩා දරැවන්ට අන්තර් ජාලය තහානම් කලාපයක් බවට පත් වි ඇත. ඉට ප්‍රධාන හෙතුවද මේම අන්තර් ජාලය හරහා කෙරේන විශාල අපරාධය. නමුත් අන්තර් ජාලය හරහා සිදු වන මේම අපරාධ හැකි පමනින් හො නතරකිරිමට ඔබටත් හැකිනම් නුදුරු අනාගතයේදි ලොව බාර ගන්නා අදරනිය දුවා දරැවන් හට අන්තර් ජාලය යනු සැබවින්ම විශ්ව ගම්මානයක් වනු නිසැකය. සැම විටම ඔබ අන්තර් ජාලය බාවිතා කිරිමේදි ෆෙස් බුක් මාධ්‍ය බාවිතයෙදි හොදින් සැලකිලිමත් වි බාවිතා කරන්නත් මතක තබා ගන්න. එ වගේම ෆෙස් බුක් මාධ්‍යට ඔබගේ ජංගම දුරකථන අංකයන් ඇතුලත් කිරිමෙන් වැලකි සිටින්න. ඔබගේ පිංතුර / විඩියොවන් එකතු කිරිමෙන් වලකින්න. මේම අවධානම සැබවින්ම ඇත්තේ කාන්තාවන්ටය. මන්ද මේම අපරාධ සිදුවන්නේ කාන්තාවන් හටය. ඒ වගේම ඔබගේ ඉමෙල් ලිපිනයන් හොද අකාරවම විශ්වාසයක් නොමැතිනම් කිසි වේකුට ලබා නොදේන්න වග බලා ගන්න. ආදරනිය මිතුර මිතුරියනි යම් දෙයක් සිදු වු විට ඒ පිලිබද දුක් විමේන් පලක් නොමැත මන්ද ඒ වන විට සිදු විමට ඇති දෙ සිදුවි හමාර වි ඇති බැවිනි. එබැවින් සැම විටම ඔබ අන්තර් ජාලය තුල කටයුතු කිරිමේදි ඔබේ ආරක්ශාව මුලට තබා අන් සියලු වැඩ කටුයුතු වල නිරත වන්න. මා ඔබට මේ කියු දේ මා අද ලබා දෙන මේම චිත්‍රපටිය හරහා ඔබට දැක ගැනිමට හැකියවා ලැබේ. මේම චිත්‍රපටිය තුලින් ඔබට ඔබේ ජිවිතයට සැබවින්ම උගත යුතු දේ බොහො ඇත. එබැවින් මේම චිත්‍රපටිය ඔබ සැම නැරබිය යුතුම චිත්‍රපටියකි. ඔබ මේම චිත්‍රපටිය නැරබිමට යොදන කාලය කිසි විටකත් අපතේ යාමක් නොවනු නිසැකය. විශේශයෙන් මවු පියවරුන් සහොයුරියන් මේම චිත්‍රපටිය අනිවාරයෙන් නරබන ලෙස ඉල්ලා සිටිමි. ආදරනිය අම්මේ තාත්තේ මෙ සැබවින්ම ඔබේ ආදරනිය දියනියි විය හැකිය....ආදරනිය සහොදරයනි මේ ඔබේ සොහොයුරිය විය හැකිය....ඔවුන් රැක ගැනිම ඔබේද වගකිමකි.......................


පහත් ලිංගික ආශාවන් උදේසා මේම චිත්‍රපටිය නැරබිමෙන් වලකින්න.


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 399MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Trust (2010)   Movie Official Trailer



ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com