Friday 19 October 2012

The Amazing Spider-Man 2012 සුපිරි විරයා නැවතත්

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් 2012 වසරේ  තිරගතවිම් ආරම්භ කල. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට කලින් දුන්නා Spider-Man 1/2/3 කියන චිත්‍රපටි එකතුව. ඉතින් අද මම දෙන්නේ එහි අලුත්ම චිත්‍රපටි 2012 වසරේ නිකුත් වුනු. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වුනේ  අද දිනේයෙදි තමා යාළුවනි. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සදහා Andrew Garfield  රංගනයෙන් දායක වෙන  අතර  ප්‍රධාන නිළිය ලෙස Emma Stone  රංගනයෙන් දායක වේ. තවත් සුපිරි නලු නිළි පිරික්ද චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. Peter Parker (Andrew Garfield ) කියන්නේ කුඩා කල  තම දෙමාපියන් ගේ මරණින් පසු තම නැන්දනියගේ නිවසේ ජිවත් වෙන දරුවෙක්. වැඩි වියට පැමිණිමෙන් පසු හොදින් පාසල් අධ්‍යාපනය හදාරන ඔහු දැඩි කැමත්තක් දක්වනවා ෆොටො ගැනිමට. මේ අතර ඔහු ඉගෙන ගන්නා පාසලේ සිටින සුරුපි තරුණියක් වන Gwen Stacy (Emma Stone) හට සිතින් පෙම් බදිනවා. නමුත් ඒ බව ඇයට සදහාන් කරන්නේ නැත. Peter හට තම නිවසේ තිබි තම පියාගේ  බැගයක් හමුවේනවා. මේ බැගයේ සගවා තිබුනු එක්තරා ලිපි ගොනුවක් කියවිමේන් පසු තම පියාගේ සැබැ තතු ඔහු දැනගන්නවා. මේ තොරතුරු තවත් නිරාකරනය කර ගැනිමට ඔහු අන්තර්ජාලය හරහා ඒ පිලිබදව සොයා බලනවා. එහිදි ඔහුට එක්තරා  විද්‍යා ගාරයක් පිලිබදව තොරතුරු දැනගන්න ලැබේනවා. ඔහු එම විද්‍යා ගාරයට ඇතුල් වෙනවා.  මේ අවස්ථාවේදි එහි ප්‍රධානියා වන තම පියාගේ සහායක  Dr. Curt Connors ( Rhys Ifans ) ඔහුට දැකගන්න ලැබේනවා. මේ විද්‍යා ගාරයේදි. Peter එහි පැමිනේන එක් පුද්ගලයේකුගේ ඇගේ හැපෙනවා එකවර. ඒ අවස්ථාවේදි එම පුද්ගලයා සතු ලිපි ගොනුවක් බිම වැටේනවා. එය  ඔහුට ඇහිදා දෙන පිටර් එකවරම එම ලිපි ගොනුවේ තිබුනු සලකුණක් දකිනවා. ඔහු එම පුද්ගලයා පසු පස රහසින් ගමන් කරනවා. ඔහු ඇතුලු වෙන  කාමරයක් තුලට පසුව රහසිගතව Peter ඇතුල් වෙනවා. එහිදි ඔහුට අමුතුම අකාරයේ දෙවල් රැසක් දැකගන්න ලැබේනවා. මේ ස්ථානයේ තිබේන එක් යන්ත්‍රයක් තුලට ඇතුල් වෙන  ඔහු හට එකවරම පොඩි ඇබැද්දියක් සිදු වෙනවා. එම යන්ත්‍රය තුල සිටින මකුළුවන්  රැසක් ඔහුගේ ඇගට වැටේනවා. පසුව එම කාමරයෙන් පිටව යන Peter හට එහිදි Gwen  මුණ ගැසේනවා. ඔහු එම ස්ථානයට ඇතුල් වුනේ බොරු නමකින් කියා ඇය දැනගන්නවා. ඇය ඔහු සතු හැදුනුම් පත ලබා ගන්නවා. එම අවස්ථාවේදි එකවරම ඔහුගේ කමිසයේ සිටින මකුළුවේක් ඔහුගේ ගෙලට දශ්ට කරණවා. Peter  එය එතරම්  සැලකිල්ලකට ලක් කරන්නේ නැ. ඔහු නිවස බලා කොච්චියේ ගමන් කරද්දි නිදා ගෙන සිටින අතර ඔහුට යම් යම් අමුතු දේවල් පෙන්න ගන්නවා. කොච්චියේ  ගමන් කරන එක් පුද්ගලයෙක් ඔහුගේ නලල මත බොතලයක් තබනවා. එකවර එයින් වැටේන ජල බිංදුවක් ඔහුගෙ මුණට වැටේනවා. එකවරම ඔහු නැගිටිනවා ඔහුව විසිවි ගොස්  කොච්චියේ වහලයේ එල්ලි සිටිනවා.  සියලු දෙනා පුදුමයට පත් වෙනවා. මේ සිදුවිම නිසා. මේ තමයි ආරම්භය යාළුවනි සුපිරි විරයාගේ. මේතනින් පසු සිදුවන්නේ කුමක් ද කියා දැනගන්න ඔයාලා හැමොම චිත්‍රපටි බාගෙන බලන්න දැන්ම. සුපිරි විරයාගේ සුපිරි වැඩ බලන්න හැකිවේවි. එහේමනම් චිත්‍රපටිය හැමොම බාගන්න දැන්ම. ජය ශ්‍රී.................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්






උපසිරස ගොනුව චිත්‍රපටියේ ගොනුව සමගින් හිමි වේ.

ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com