Wednesday 10 October 2012

Dangerous Ishq (2012) නපුරු ආදරය

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා ඔයාලාට තවත් අපුරුම අලුත්ම චිත්‍රපටියක්. 2012 වසරේ මැයි මාසයේ තමා මේම චිත්‍රපටිය තිරගත කිරිම් ආරම්භ කලේ. Dangerous Ishq (2012) .මේ චිත්‍රපටිය ආදර කතා ගනයට අයත් එකක්.මේහි ප්‍රධාන නිලිය ලෙස ඉන්දියානු සිනමාවේ සුරුපි නිලි Karisma Kapoor රංගනයෙන් දායකත්වය ලබාදේ. ඇය වසර ගනනාවකට පසුවයි නැවතත් හිංන්දි සිනමාවට පිවිසෙන්නේ. මේහි ප්‍රධාන නලු ලෙස Rajneesh Duggal රංගනයෙන් දායක වෙනවා. මිට අමතරව තවත් සුවිශේශි නලු නිලි පිරිසක් මේ චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබාදි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. sanjana ( Karisma Kapoor) මොස්තර නිරුපිකාවක්. ඇයගේ පෙම්වතා Rohan (Rajneesh Duggal ). sanjana හට මොස්තර නිරුපනය සදහා පැරිසියට යාමට අවස්ථාවක් හිමි වෙනවා. මේ ගමන යාමට පෙර ඇය Rohan හට පවසනවා ඇයව විවහා කරගන්නා ලෙස. ඔවුන් දේදෙනා නිවසේ සිට තම විවාහය ගැන කතා බහා කිරිමෙන් සිටින අතර තුර  නිවසට කඩා වදින මුහුණු වසා ගත් පිරිසක් Rohan  හට පහරදෙනවා. ඔහුද ඔවුන්ට පහර දෙනවා. මේ අතර sanjana ඔහුට පහර දෙන පුද්ගලයින්ට ඔහුට පහර දෙන්න එපා කියමින් ඔවුන් ඇද දැමිමට උත්සහා දරනවා.ඒ අවස්ථාවේදි එම එක් පුද්ගලයේක් ඇයව තල්ලු කරනවා. ඇයගේ හිස එකවර අසල තිබුනු බිත්තියක ගැටි සිහිසුන්ව ඇද වැටේනවා. නැවත ඇයට සිහිය පැමිනේද්දි ඇය සිටින්නේ රෝහලක. ඇයට එම අවස්ථාවේදි එම රෝහලේ කිසිවෙකු දකින්න නොලැබේ. එහි යමකේ සිටිද යන්න සොය බලන අතර තුර යම් නමක් කියා කවුරුන් හො අඩගසන වගක් ඇයට ඇසේනවා. ඇය එම ස්ථානයට පැමිණ බැලිමේදි එහි සිටින්නේ Rohan ය.ඔහු තුවාල ලබා  සිටින අතර ඔහුව මරා දැමිමට පිරිසක් පැමිනෙන බව පවසනවා. පසුව ඇය කවුරුන් හො පැමිනේදැයි බලන්න යනවිට ඇයට දකින්න ලැබෙන්නේ යම් පිරිසක් පැමිනේන බවයි. ඇය ඔහුව අසල තිබුනු කාමරයකට ඇදගෙන ගොස් පෙට්ටි වගයකින් ඔහුව වසා දමනවා. මේ අතර ඇයට පෙනවා එම පිරිස ඇය සිටින කාමරයටද පැමිනෙන බව ඇයද සැගවි බියෙන් බලා සිටන අතර එක වර ඇයගේ නම පවසනවා ඇසෙනවා.එම ස්ථානයට පැමිනේන්නේ දොස්තරවරියක්. ඇය සිදුවු දේ දොස්තර වරියට පවසන අතර Rohan  සැගවු ස්ථානය ඇයට පෙන්නවනවා. නමුත් එහි කිසිවකු සිටින්නේ නැත. ඒ අතර තුර දොස්තර වරිය පවසනවා ඔහුව යම් පිරිසක් පැහැරගෙන ඇති බව. පසුව ඇය ඔවුන් සිටිය නිවසට යනවා. ඇය නිවසට යන අතර තුර පැහැර ගැනිම පිලිබද පරික්ශන පොලිසිය විසින් ආරම්භ කර ඇත. මේ අතර එම නිවසට දුරකථන ඇමතුමක් එනවා. එහිදි යම් පුද්ගලයෙක් Rohan  ගේ පියා හට පවසන්නේ ඔහු නිදහස් කිරිමට කොටි 50 ක් අවශ්‍ය බවයි. මේ අතර  sanjana  මේ පිලිබදව Rohan  ගේ පියා  සමග කතා කිරිමට උත්සහා දැරිමේදි ඇයට බැන වැද එම ස්ථානයෙන් පිට වෙන ලෙස කියා සිටිනවා.ඇය තම නිවසට යන අතර තුර නිවසට පැමින සිටින ඇයගේ මිතුරිය මුණ ගැසේනවා. නිවස තුල සිටින ඇයට එකවර නැවතත් යම් කිසි හඩක් ඇසේනවා. ඇය නිවසේ දොර විවෘත කරනවා. ඇයට දැක ගන්න ලැබේන්නෙ පැරණි මාලිගාවක්. ඇය එහි ඇවිදිමින් ඉදිරියට යද්දි නැවතත්  Rohan ඇයට කතා කරනවා. මේ අවස්ථාවේදි ඔහු ඇයට පත්තරයක් ලබාදෙනවා කියවන්න කියා. ඇය එය කියවන අතර තුර එක වර ඇයගේ නම කියා කවුරු හො කතා කරනවා ඇසෙනවා ඇය හැරි බලන විට එහි සිටින්නේ ඇගේ මිතුරිය. මේ අවස්ථාවේදි මිතුරියට ඇය කියා සිටනවා ඇය හට උර්දු භාෂාව කියවිය  හැකි බව. මේයින් පුදුමයට පත්වන මිතුරිය ඇයගේ පරිඝණකයේ උර්දු වලින් ලියු ලිපියක් ඇයට පෙන්නවා . ඇය එය ඉතා පහසුවෙන් කියවනවා. මේ අවස්ථාවේදි මිතුරිය ඇයට පවසනවා දොස්තරකෙනේකු හට මේ තත්වය පවසන ලෙස. ඔවුන් දොස්තරවරියක් මුණ ගැසිමට යන අතර එම දොස්තරවරිය පවසන්නේ මේ සිදුවන්නේ ඇයගේ පෙර ආත්මයේ මතකයේ ඇති දෙවල් බවය. පසුව එම දොස්තරවරිය ඇයව පෙර ආතමය දැනගැනිමට මොහනය  කරනවා. මේතනින් පසුව සිදුවන්නේ අපුරුම සිදුවිම් රැසක්. ඇය පෙර ආත්මයේ කවුද??? ඇයට සිදුවුයේ කුමක්ද??? Rohan  හට සිදුවුයේ කුමක්ද??? ඔහුව බේරා ගැනිමට හැකිවේද??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙනම බලන්න යාළුවනි හැමොම දැන්ම. ජය ශ්‍රී.....................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ඉංග්‍රිසි  උපසිරස අන්තර් ගතයි.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com