Friday 12 October 2012

Grimms Snow White 2012 නපුරට එරේහිව

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ තිරගතවිම් ආරම්භ කෙරුණු චිත්‍රපටියක්. මතක ඇතිනේ මම ඔයාලාට දුන්නා 2012 වසරේ  නිකුත් වුනු Snow White and the Huntsman[2012].  කියන චිත්‍රපටිය. අද මම දෙන්න යන්නේ ඉට හාත් පසින්ම වෙනස් අයුරකින් නිර්මානය  කරපු චිත්‍රපටියක් මේ චිත්‍රපටිය තමා Grimms Snow White 2012. මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Eliza Bennett රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නලුවා ලෙස Jamie Thomas King  රංගනයෙන් දායක වි ඇත. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබා දි ඇත. මේම චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. රජුගේ මරණයෙන් පසුව රජ කම බාරගන්නා එක්  රැජිනක් සිටිනවා. මේ රැජින සතුව මායා කැඩපතක් තියනවා. ඇයට එම කැඩපත සමගින් කතා කල හැකියි. ඇය සැම විටම විමසන එක ප්‍රශ්නයක් තියනවා මේම කැඩපතින්. ලොකයේ සිටින ලස්සනම කුමාරිකාව කවුද යන්න. එවිට සැම මොහොතකම කැඩපත පවසා සිටින්නේ  ඒ ඇය බවයි. ඇය එයින් මහත් සේ සතුටට පත් වෙනවා.  මේ අතර රජුගේ මරණය නිසා රජුගේ කලින් විවාහයේ  දියණිය  මාලිගාවට පැමිණේනවා. ඇය නමින් Snow White (Eliza Bennett). මේම මරණය නිසා තවත් රටක රජ කුමරෙක් වන Prince Alexander (Jamie Thomas King) මේම මාලිගයට පැමිණෙනවා. ඔහු එක් ස්ථානයකදි Snow White දකිනවා. ඇයගේ රුවට ඔහුගේ හිත ඇදි යනවා. මේ අතර ඔවුන් දේදෙනා හොදින් කතා බහා කරනවා රජ කුමරිය ඉදිරියේදි. ඇයට මේ  සිදුවිමට කෙන්ති යනවා. ඇය නැවතත් කැඩපතට කතා කරනවා. එහිදි ඇය නැවතත් ලොකයේ සිටින ලස්සනම කුමාරිකාව කවුද යන්න විමසනවා කැඩපතින්. එහිදි කැඩපත කියා සිටින්නේ දැන් ඇයට වඩා ලස්සන කෙනේක් ඉන්න වගයි. ඇය ඒ කවුද යන්න විමසනවා. කැඩපත කියා සිටින්නේ ඒ Snow White කියාය. මේය කුමරියට දරාගැනිමට නොහැකි වෙනවා. ඇයට බොරුවක් පවසා ගමනක් පිටත් කරනවා. තවත් පුද්ගලයින් දේදෙනකු සමගින්. එම පුද්ගලයන් හට පවසන්නේ ඇයව කැලයට රැගෙන ගොස් මරා දමා ඇයගේ හදවත රැගෙන එන ලෙසයි. Snow White ව කැලයට රැගෙන යන පුද්ගලයින් ඇය මරා දැමිමට තැත්කරද්දිම එම ස්ථානයට විශාල දරුණු සතෙකු පැමිනේනවා. එම සතා එක් පුද්ගලයෙකු මරා දමනවා. මේ වන විට Snow White සිහි නොමැතිව ඇද වැටි සිටිනවා. ඇයව කැලයට රැගෙන ආ අනෙත් පුද්ගලයා මරා දැමුණු පුද්ගලයාගේ හදවත් රැගෙන යනවා. එම කැලයේ සිටින අමුතුම බලයක් ඇති පුද්ගලයින් දේදෙනෙකුට Snow White මුණ ගැසෙනවා ඇය සිහිසුන්ව සිටියදි. ඇයව ඔවුන්ගේ නිවසට රැගෙන යනවා.මේතනින් පසුව සිදුවන්නේ කුමක්ද කියලා බලන්න ඔයාලාට මේ අපුරු චිත්‍රපටිය බාගෙන බලන්න වෙනවා යාළුවනි. එහෙනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ලබා දි ඇති ටොරන්ට් එකේ සිඩර්ස් ප්‍රමානය අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com