Wednesday 30 May 2012

Knight Rider (1982-1986)Season 1/2/3/4 නයිට් රයිඩර්

ආයුබොවන් යාලුවනි.....ඔන්න තවත් ඔයාලා ගොඩාක් කැමති ටිවි කතා මාලාවක් සම්පුර්ණයෙන්ම අරගෙන ආවා. Knight Rider නම දැකපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා මේ කතා මාලාව මොකක්ද කියලා. ඉතින් මේ කතා මාලාව සම්පුර්ණයෙන්ම බලපු නැති අය ඉන්නවනම් එහේම නැත්නම් අයිමත් බලන්න ආස කට්ටිය ඉන්නවනම්  මේක බාගෙන බලන්න. මයිකල් කියන්නේ පොලිස් නිලදාරියෙක් ඔහු සහා ඔහුගේ හවුල්කරු විශේශ පරික්ශනයක් සිදුකරනවා යම් පුද්ගලයේකු පිලිබදව. මෙම පුද්ගලයා කැසිනො ශාලාව තුල සෙල්ලම් කරන අතර තුර ඔහුගේ ආරක්ශකයා  තරුනියක් ලවා එම පුද්ගලයා සතු ඉලේක්ට්‍රොනික් පරිපථ සටහන් වල පිංතුර ලබාගැනිමක්  සිදුකරනවා. මේ අතර මයිකල්ගේ සහායකයා එම තරුනිය පසු පස හබා යන අතර තුර තවත් පුද්ගලයකු විසින් ඔහුට වේඩි තබයි. මයිකල් එම ස්ථානයට පැමිනියද ඔහුගේ සහායකයා මියයයි. මයිකල් මිනිමරුවන් පසුපස හබායැමට සුදානම් වන අතර ඔහු සමග ටානියා නම් තරුනියක්ද පැමිනේ. කෙසේ හො මයිකල් හට අතර මගදි මිනමරුවන් මුණ ගැසේන අතර ඔහු එම පුද්ගලයින්ට යටත් වේන ලෙස අන කලද එම අවස්ථාවේදි  ටානියාද  මිනිමරු පිරිසට එකතු කෙනේක් බව දැනගන්න ලැබේනවා. මේ  අතර ටානියා මයිකල් හට වේඩි තබා සියලු දෙනා පලා යයි. පසුව එම ස්ථානයට  හෙලිකොප්ටර් එකකින් යම් පුද්ගලයකු පැමින මයිකල් එම ස්ථානයේන රැගෙන ගොස්  ඔහු සුව කිරිමට ප්‍රථිකාර කරයි. මයිකල් හට තැබු වේඩි පහාරින් ඔහුගේ මුණේ ඇති වු හානිය නිසා ඔහු හට පලාස්ටික් සැත්කමක් සිදුකර ඔහුගේ මුණ වේනස් කරයි. මයිකල් සුවය ලබන අතර තුර ඔහු සිටින ස්ථානයේ ඇති යම් තැනක් පිලිබදව සැකයක් ඇතිවේ. මයිකල්  මේ පිලිබදව සොයා බැලිමට එම ස්ථානයට ඇතුල් වේ. එහිදි ඔහුට ඔහුගේ කාරය දකින්නට ලැබේන අතර ඩෙවන් නැමති තවත් පුද්ගලයේක් එම ස්ථානයට පැමින ඔහුගේ කාරයෙ ඇති වේනස් කම් පිලිබදව  ඔහු දැනුවත් කරනවා. නමුත් මයිකල් මේය පිලි නොගන්නා අතර ඩෙවන් තව දුරටත් එය ඔප්පුකර පෙන්වයි. ඔහුගේ කාරය සැබවින්ම වේනස් කර ඇති බව මයිකල් හට පසුව වැටහේ. මේ අතර මයිකල් ගේ ජිවිතය බේරාගත් මයිකල් ලොන්ග් මිය යනවා. ඉන්පසුව මයිකල්  තමාට වේඩි තැබු පිරිස සොයා එම ස්ථානයේන් පිටවි යැමට සුදානම් වන අතර ඔහුගේ අලුත් නම ලෙස මයිකල් නයිට්  ලෙස සදහන් කරන ඩෙවන් ඔහුට අවශ්‍ය සියලු විස්තර ලබාදේ.  මයිකල්  හට තවත් අපුරු දෙයක් අතර මගදි දැනගැනිමට ලැබේනවා. ඔහුගේ කාරය කතා කරන බව එහි නම කිට් ලෙස සදහාන් කරන අතර මයිකල් එයින් පුදුමයට පත්වේ. මේ තමයි මයිකල් නයිට් සහා කිට් ගේ ආරම්භය.  එහෙන්ම යාලුවනි කතාව බලන්න ආස හැමොම බාගෙන බලන්න. ජය ශ්‍රී...............
  යාලුවනි මේහි සිරියස් 4 ක් ඇති අතර එම එක සිරියස් එකක කොටස්  22 ප්‍රමාණයක් ඇතුලත් වේ එනම් ටොරන්ට් ෆයිල් එකක් 7.50GB  වේ. එබැවින් ඔබ මේම කතා මාලාව ඩවුන්ලොඩ් කිරිමේදි  ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලයද තිරනය වේ. ඔබ බාවිතා කරන අන්තර්ජාල  සම්බන්දතාවයේ වේගය අඩුනම්  කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි. ඩවුන්ලොඩ් කිරිම ආරම්බයේදි ලැබේන කුඩා මේනුව තුලින් ඔබට අවශ්‍ය කොටසට ප්‍රථමයේන් ඇති කුඩා කොටුව තුල ඇති හරි සලකුණ තබා අනිකුත් කොටු තුල ඇති හරි සලකුණු ඉවත් කරන්න. එවිට ඔබට 1 කොටසක් 350MBලේස ඉක්මනින් ඩවුන්ලොඩ් කරගත හැකිය.

සිසන් 1 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 1 DOWNLOAD TORRENT

සිසන් 2 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 2 DOWNLOAD TORRENT

සිසන් 3 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 3 DOWNLOAD TORRENT

සිසන් 4 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 4 DOWNLOAD TORRENT

Location: Bandaragama, Sri Lanka

6 comments:

  1. kalin dakke nene bn, oka hoyaganna rata wate giya,,,

    ReplyDelete
  2. ස්තුතියි යාළුවේ.....දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...........

    ReplyDelete
  3. නියමයි යාළුවා.....නියම සීරියස් ටිකක් තියෙනවා...
    ජයෙන් ජය වේවා....

    ReplyDelete
  4. ස්තුතියි යාළුවේ.....දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී...........

    ReplyDelete
  5. toorent eka ganna bene bro

    ReplyDelete
    Replies
    1. මේවා දුන්නේ 2012 යාලුවා දැන් මේවා වැඩ කරන්නේ නැ.මොකද මේවා අප්ලොඩ් කරලා තිබුන සයිට් දැන් නැ

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com