Monday 9 July 2012

Jackie Chan - Miracles 1989 පුදුමය

ආයුබොවන් යාලුවනි........ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට. Jackie Chan කියන නම ඔයාලා හොදට අදුරනවානේ .Jackie Chan කිව්වොත් ඉතින් ඒ චිත්‍රපටියේ  සටන් වගේම  ඔහුගෙ අපුරු විහිලු තහලු වලිනුත් කිසිම අඩුවක් නැතුව සැකසුනු කතාවක්නේ තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේම Jackie Chan ගේ සුපුරුදු  දක්ශ සටන් වලින් විහිලු වලින් පිරිනු අපුරු චිත්‍රපටියක් තමා මේක. චාලි(Jackie Chan ) Hong Kong වලට පැමිනේන්නේ රැකියාවක් කිරිමට. එහිදි යම් පුද්ගලයෙක් ඔහු රවටා ඔහු සතු මුදල් සියල්ල ලබාගන්නවා. මේ අතර නගරයේ ප්‍රසිද්ද කල්ලි දෙකක් අතර සටනක් ඇති වෙනවා. එම එක් කන්ඩායමක නායකයා යම්කිසි රොගයකින් පෙලේන අතර එම සටනේදි ඔවුන් පසුපස අනිත් කල්ලියේ පිරිස පැමිනේමින් ඔවුන්ට වෙඩි තබනවා. මේ අතර චාලි එක් ස්ථානයක සිට තමන් කල යුතු දේ ගැන කල්පනාකරමින් සිටින විට එම ස්ථානයට රෝස මල් විකුණන වයසක කාන්තාවක් පැමිනේනවා. ඇයගේන් රෝස මලක් මිලදි ගැනිමට චාලි සුදානම් වෙන අවස්තාවේදිම  සටන් කරමින් සිටි කල්ලියේ වාහනයක් වෙගයේන් එම ස්ථානයට පැමිනේන අතර එම වාහනය එම ස්ථානයේදි  අනතුරකට ලක්වේනවා. මේ අවස්තාවේදි  ඔවුන් පසුපස පැමිනේන අනිත් කල්ලියද එම ස්ථානය පැමිණ අනතුරට ලක්වු වාහනයේ සිටි පිරිසට වෙඩි තැබිමට සුදානම් වෙනවා.චාලි එම අවස්තාවේදි එම පිරිස සමග සටන් කර වාහනයේ සිටි පුද්ගලයින් හට උදව් කරන අතර අසනිපයෙන් සිටි එම කල්ලියේ නායකයාව එම ස්ථානයෙන් ආරාක්ශිත තැනකට ගෙනයාමට උදව් කරනවා. නමුත් අතර මගදි එම කල්ලි නායකයාගේ අසනිප තත්වය වැඩි වි ඔහු මිය යනවා.  මේ අතර එම කන්ඩායමේ නව නායකයා ලෙස චාලිව පත්කරගන්නා අතර එහිදි ඔහුගේ පිරිස ඉදිරියේ ඔහුගේ හැකියාවන් ඉදිරිපත් කිරිමට සිදුවන අතර ඒ සියලු අභියොගවලින් ඔහු සාර්ථක වනවා. ඉන් පසුව චාලි එම කන්ඩායමේ නායකයා ලෙස සියලු දෙනා පිලිගනි.  මේතනින් පස්සේ ඔහුට තවත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වේනවා. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා ඔයාලා හැමොටම.ඒහේමනම්  යාලුවනි චිත්‍රපටිය බාගන්න දැන්ම. ජය ශ්‍රී...............


ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com