Tuesday 30 April 2019

The Flash: Season 5, Episode 20 ( Gone Rogue ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 විසිවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 අප්‍රේල්  මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. නෝරාව අනාගතයට දලා බෙරි අපහු එනවා එතනදි අයිරිෂ් එක්ක ප්‍ර‍ශ්නයක් ඇති වෙනවා.මේ අතර නැවතත් කෙට්ලන්ගේ පියා එහේමත් නැත්නම් අයිසිකල්   නගරයට එනවා.ඔහු ඒ අවස්ථාවේදි කෙට්ලන්ගේ මව ඉන්න ලැබ් එකෙන් විශේෂ උපකරනයක් සොරා ගන්නවා.මේක ගැන හොයන්න බෙරි සහා කෙට්ලන් එතනට යනවා ඒ වගේම ඔවුන් එක්ක ජොයිත් යනවා.ඔවුන් පරික්ෂන කරන අතර තුර නැවතත් එතනට අයිසිකල්  එනවා.ඔහු බෙරිටත් පහර දිලා කෙට්ලන් සහා ඇගේ මව පැහැරගන්නවා.මේ අතර අයිරිෂ් සහා රැල්ෆ් විශේෂ උපකරනයක් මගින් අනාගතයට යනවා නොරාව ආයි එක්ක එන්න.නමුත් එතනදි සිතපු නැති දෙයක් සිදු වෙනවා.නොරාට කෙන්ති ගිහින් ඇය කාල රාමුව හරහා 2019 යනවා.මේ අතර තුර බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා අයිසිකල්  ඉන්න තැන හොයා ගන්න.බෙරි එතනට යන කොට කෙට්ලන් තමන්ගේ බලය බාවිතා කරලා අයිසිකල්ට පහර දෙනවා.එතනදි ඇයගේ මවව කුටියක සිරකර අයිස් කිරිමේ උපකරනය ක්‍රිියා කර අයිසිකල් පැන යනවා.කෙට්ලන් ඇයව බෙරා ගන්න වැඩේ බෙරිට පවරලා ඇය අයිසිකල් පසු පස පන්නවා.බෙරි කොහොම හරි කෙට්ලන්ගේ මවව බෙරා ගන්නවා.ඒ අතර කෙට්ලන් විසින් අයිසිකල්  අල්ලා ගෙන සටන් කරනවා.එතනදි අයිසිකල් නොසිතපු දෙයක් සිදු වෙනවා.ඒ ඔහුගේ බලය සම්පුර්ණයේන්ම ඉවත් වි කෙට්ලන්ගේ පියා නැවත යළුා තත්වයට පැමිනේනවා.කොහොම හරි කෙට්ලන්ගේ පවුල නැවත එකතු වෙනවා එත් ඒ සතුට ඔවුන්ට ලැබෙන්නේ සුළු මොහොතකට පමනයි හදිස්සියෙම එතනට සිකේඩා එනවා. එතනදි ඇති වන සටනේදි සිකේඩා විසින් කෙට්ලන්ව මරා දමන්න උත්සහා කරද්දි කෙට්ලන්ගේ පියා මැදට පනිනවා.ඒ සිද්දියෙන් ඔහු මිය යනවා.ඒ අතර තුර සිකේඩා විසින් අයිසිකල්  සොරා ගත් උපකරණය රැගෙන එතනින් පලා යනවා.ඒ වගේම අවසානයේ පෙන්නන දෙයනම් ලොකු ප්‍ර‍ශ්නයක් බව පැහැදිලියි.නොරාට දැන් මොකද වෙන්නේ?සිකේඩා සොරා ගත් උපකරනයෙන් මොකක්ද කරන්න යන්නේ? ඒ ප්‍ර‍ශ්ණ වලට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer  / Tom Cavanagh /  Jesse L. Martin / Danielle Nicolet / Jessica Parker Kennedy / Chris Klein / Sarah Carter / Emily Kinney / Reina Hardesty /  Troy James /  Phil LaMarr වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 විසිවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 180MB Season 5 Episode 20 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 251MB Season 5 Episode 20 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 20  (2019) Official  Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com