Tuesday 30 October 2018

The Flash: Season 5, Episode 04 ( News Flash ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 හතරවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2018 ඔක්තොම්බර්  මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ සිදු වුනේ මොකක්ද කියලා.නෝරා ලබා දෙන තොරතුරු අනුව බෙරි තිරණය කරනවා සිකේඩා අල්ලා ගන්න.මේ සදහා සැලසුමක් සොයන අතරේ නෝරා හැමොටම කියනවා එයා ගාව සැලසුමක් තියෙනවා කියලා.ඇයගේ සැලසුමට අනුව නැවතත් වෙල්ස් කෙනෙක් ගෙන්වනවා.මේවර එන්නේ සුපිරි රහස් පරික්ෂක වෙල්ස් කෙනෙක්.ඉතින් කණ්ඩායම සහා මේ අලුත් වෙල්ස් සමග ඔවුන් සැලසුමක් දියත් කරනවා.වෙල්ස් ගේ තොරතුරු අනුව  බෙරිට සහා නෝරාට හැකි වෙනවා සිකේඩා අල්ලා ගන්න.නමුත් පසුව දැන ගන්නවා ඒ සිකේඩා නොවන බව.මේ අතර රැල්ෆ්  විසින් කෙට්ලන්ට උදවු කරනවා එයාගේ තාත්තාගේ මරණය පිලිබදව තොරුතුරු සොයා ගන්න.මේ අතර සිකේඩාගෙ ඉලග ඉලක්කය වෙන්නේ සිස්කෝ.මේ සදහා ඔහු යොදා ගන්නේ ජොයිව.සිකේඩා විසින් ජොයිව අල්ලා ගෙන සිස්කෝව ගෙන්වන ලෙස බල කරනවා.නමුත් එකට ජොයි කැමති වෙන්නේ නැ.එත් එතනදි සෙසිල් මේ සිද්දිය දකිනවා.ඒ වෙලාවේම දරුවා හඩනවා.සිකේඩා දකිනවා එතන සෙසිල් සිටිනවා කියලා.කොහොම හරි ඇය අනතුරු ඇගවිම කරනවා ෆැලැෂ් කණ්ඩායමට.මේක මුලින්ම දකින්නේ සිස්කෝ.ඔහු වහාම එතනට යනවා.ඒ අතර බෙරිත් එනවා නමුත් බෙරි එනකොට සිකේඩා විසින් සිස්කොව පැහැරගෙන යනවා.කොහොම හරි කට්ටිය එකතු වෙලා සිස්කොව සම්බන්ධ කරගන්නවා.නමුත් ඔහු සිටින තැන දැනගන්න බැරිවෙනවා.මේ අවස්තාවේදි වෙල්ස් ඔහුගෙන් ප්‍ර‍ශ්න කිපයක් අහනවා එහිදි සිස්කො ලබා දෙන පිළිතුරු අනුව ඔහු සිටින ස්ථානය සොයා ගන්නවා.බෙරි වහාම එතනට පිටත් වෙනවා.නමුත් මෙවරත් බෙරිට සහා සිස්කෝට බැරිවෙනවා සිකේඩා සමග සටන් කරන්න.ඒ වෙලාවේ නෝරා එතනට  යනවා.ඇය ශනිකව සිකේඩාට පහර දෙනවා ඒ යම් උපකරනයක් බාවිතා කරලා.ඇය සිස්කෝට එම උපකරනය ලබා දෙනවා සිකේඩා අල්ලා ගන්න.නමුත් ඔවුන් සිතන දේ එතනදි වෙන්නේ නැ.එම උපකරන මගින් සිකේඩා නැවත සිස්කෝට පෙරලා පහර දෙනවා.එතනදි විශාල පිපිරිමක් සිදුවෙනවා.හැමොම හිතන්නේ සිස්කෝ මිය ගියා කියලා.නමුත් සිස්කෝ බෙරෙනවා.ඒ වගේම සිකේඩා නැවතත් පලා යනවා.මේ අතර රැල්ෆ් විසින් කෙට්ලන් අමත කරපු දෙයක් ඇයට දෙනවා.එයින් ඇයට තම පියාගේ මරණය පිලිබදව නව තොරතුරක් ලැබෙනවා.හැබැයි ඇය මේ කරන දෙවල් සියල්ල කවුදෝ කෙනෙක් රහසින් නරබමින් සිටිනවා.මේ කවුද?ඒ වගේම සිකේඩා ගේ දරුවා රෝහල් ගත කරලා තියෙනවා.දොස්තරවරිය පවසන අන්දමට ඇයගේ ජිවිතය දැඩි අවදානමක තියෙන්නේ.ඇය දැනගෙන සිටිනවා සිකේඩා කියන්නේ ඔහු බව.ඒ වගේම අලුතින් කණ්ඩායමට පැමිණි වෙල්ස් විසින් නෝරාගෙන් යම් ප්‍ර‍ශ්ණයක් අහනවා.මේ අවස්ථාවේදි ඇයගේ හැසිරිමනම් සැක සහිතයි.ඇත්තටම නෝරා සගවන දෙයක් තියෙනවාද? ඉතින් ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer /  Danielle Nicolet / Tom Cavanagh / Jesse L. Martin / Jessica Parker Kennedy / Derek Kwan / Kiana Madeira වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 හතරවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම 

තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 303MB Season 5 Episode 04 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 04  (2018) Official Trailer

                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com