Tuesday, 23 May 2017

The Flash: Season 3, Episode 23 ( Finish Line ) ( FINALE EPISODE ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 23 වන කොටස ( තෙවන අදියර අවසන් කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 23 අලුත්ම කොටස විකාශය වුනේ 2017 මැයි  මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි විසිදෙවන  කොටස බලපු අයට බෙරිට එයාගේ ජිවිතේ ලැබුන ලොකුම අභියොගය සැවටාර් එක්ක සටන් කරලා අයිරිෂ්ව බෙරා ගන්න එක. මේ වෙනුවෙන් බෙරි විශාල අභියොග රැසකට මුහුණ දෙනවා එයාගේ කණ්ඩායමත් එක්ක.ඒ වගේම සැවටාර් පරාජය කරන්න පුලුවන් හැම ක්‍ර‍මයම අත්හදා බලනවා.අවසානයේ ෆැලැෂ් කණ්ඩායමේ සහයොගය ඇතිව සැවටාර් අල්ලා ගන්න උපකරනයක් නිර්මානය කරනවා.මේ සියල්ලත් එක්ක බලාපොරොත්තු වු දිනයේ නියම වෙලාවට සැවටාර් අයිරිෂ්ව පහැරගෙන යනවා.ඉට පස්සේ බෙරි  සහා කණ්ඩායම අයිරිෂ්ව මරා දමන්න සැවටාර් පැමිනේන ස්ථානයේ සුදානමින් සිටිනවා.සැවටාර් එතනට පැමිනේන විට බෙරි  විසින් සැවටාර් අල්ලා ගන්න නිර්මානය කරපු උපකරනය ක්‍රියාත්මක කරනවා. සිතු පරිදිම එකවරම එම උපකරනයට සැවටාර් අසුවනවා.නමුත් එය බෙරිට ලැබුනු පුංචිම පුංචි සතුටක් විතරයි.මොකද සැවටාර් විසින්  තමන් සතු බලය බාවිතා කරලා බෙරි ක්‍රියාත්මක කල උපකරනයේ සියලු බලය ඇදලා ගන්නවා.මේ වැඩේ සැවටාර් කරන්නේ ඔහු සතුව තිබුන පිලෝසිෆර් පාෂාණය භාවිතා කරලා.ඉන් අනතුරව සැවටාර් ඔහු පැවසු පරිදිම  ඔහුගේ අතේ ඇති උල් ආයුධයෙන් අයිරිෂ්ගේ පපුව පසාරු කරමින්  ඇන දමා එතනින් පිටව යනවා.ඉතින් යාළුවනි මේතනින් එහාට වෙන්න තියෙන හැම දේම බලන්න ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Tom Felton /  Andre Tricoteux වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 අවසන් කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ඉතින් යාළුවනි මාස ගානක් පුරාවට ඔයාලාට ගෙන ආ  The Flash: Season 3 මේතෙකින් නිමා වනවා.ඒ වගේම ඔයාලාට සතුටුදායක තොරතුරක්  තියෙනවා. ඒ තමා ලගදිම The Flash: Season 4 ආරම්භ වෙනවා.ඉතින් The Flash: Season 4 ආරම්භ වුන සැනින් මේ අකාරයටම ඔයාලාට ලබා දෙන්න මම සුදානමින් සිටිනවා. එහේමනම් නැවත The Flash: Season 4 වලින් හමුවේමු.ඔබ සැමට ජය ශ්‍රී........................................



                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.