Friday, 14 December 2012

Maattrraan (2012) සත්‍ය කුමක්ද

ආයුබෝවන් යාළුවනි......ඔන්න යාළුවනි අදත් ඔයාලාට තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය දමිළ චිත්‍රපටියක් පහුගිය දවසක මම ඔයාලාට ලබා දුන්නු Thuppakki (2012) චිත්‍රපටිය සමගින් එකවර තිරගතවිම් ආරම්භ කල අනිත් චිත්‍රපටිය තමා මේ. චිත්‍රපටිය තමා  Maattrraan (2012). මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි නුලු Suriya දිත්ව චරිතයකට පණ පොවනවා. මේහි ප්‍රධාන නිලිය ලෙස සුරුපි දමිළ නිලි Kajal Agarwal රංගනයෙන් දායක වේ. මිට අමතර දමිළ සිනමාවේ සුපිරි රංගන ශිල්පින් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලාට කියන්නම් යාළුවනි. Ramachandran  (Sachin Khedekar) කියන්නේ අති දක්ශ විද්වතෙක්. ඔහුගේ බිරිද නිවුන් දරුවන් දෙදෙනෙක් බිහි කරනවා. මේ දරුවන් දෙදේනා එකට හාවි (conjoined)සිටන දෙදේනෙක්. ඔවුන්ව වෙන්කලොත් එක දරුවකු මිය යනවා. මේයාලාට තියෙන්නේ එක හදවතක් පමණයි. මේ සදහා Ramachandran කැමති වුවත් ඔහුගේ බිරිද එයට අකමැති වෙන අතර දරුවන්ට යම් දෙයක් සිදුකලොත් ඔවුන් මරා දමන බව පවසමින් දරුවන් දෙදේනා හදා වඩා ගන්නවා. මේ අතර තුර Ramachandran ව්‍යාපර වලින් ඉහලම තැනකට පත්වේනවා. ඔහුගේ ව්‍යාපාරය වන්නේ Energion නමින් පිටි කිරි වර්ගයක් නිෂ්පාදනය කිරිමයි. දරුවන් දෙදේනාට ඔවුන් Akilan සහා Vimalan ලෙස නම් තබනවා.දරුවන් ටිකෙන් ටික වැඩි වියට පත්වන විට Ramachandran විශාල පෝසතෙක් බවට පත්වෙනවා. ඔහුගේ ව්‍යාපරය දියුනුවෙන් දියුනුවට පත් වෙනවා. දරුවන් දෙදේනා වැඩිවියට පත් වෙද්දි Akilan ටිකක් සෙල්ලක් කාර චරිතයක් බවටත් Vimalan බොහොම තැන්පත් චරිතයක් බවටත් පත් වෙනවා. මේ අතර තුර තම පියාගේ ආයතනයේ තිබෙන එක් උත්සවයකදි ඔවුන් දෙදේනා හට මුණ ගැසේනවා සුරුපි තරුණියක් ඇය Anjali ඇය සහා Vimalan  අතර ප්‍රෙම සම්බන්ධයක් හට ගන්නවා. මේ සදහා උදව් කරන්නේ Akilan ඒ අතර තුර  Anjali ඇයගේ මිතුරියක් වන Russian තරුණියක් ඔවුන්ට හදුන්වා දෙනවා. මේ රුසියන් කාන්තාව ඔවුන්ගේ පියාගේ ආයතනය පිලිබදව රහසිගතව තොරතුරු සොයනවා. ඒ කුමක් සදහාද??? ඇය සොයන්නේ කුමන තොරතුරුද??? Ramachandran යනු සැබවින්ම කවුරුද??? ඔහුගේ ව්‍යාපාරවල දියුනුවට හේතු මොනවාද??? ඔහුගේ ව්‍යාපාරයේ ඇති රහස් මොනවාද??? මේ සියල්ලට පිළිතුරු දැනගන්න දැන්ම මේ චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී..............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

4 comments:

  1. නැ යාළුවේ.....සබ් ලියන්නේ නැ මම. ස්තුතියි.

    ReplyDelete
  2. Replies
    1. වසර ගනනකට ඉහතදි ලබා දුන් ටොරන්ට් දැන් ක්‍රියාත්මක වන්නේ නැ යාළුවා මොකද මේ ලින්ක් දුන්නේ කික් ඇස් වෙබ් අඩවියෙන් කික් ඇස් වෙබ් අඩවිය නතර කර දා සිට ලබා දුන් සියලු ලින්ක් ක්‍රියා විරහිතයි.අලුතින් දාන මුවි වල ටොරන්ට් විතරයි දැන් වැඩ කරන්නේ

      Delete

Note: only a member of this blog may post a comment.