Monday, 16 July 2012

BIKER-BOYZ (2003) බයික් කොල්ලො

ආයුබොවන් යාලුවනි......ඔන්න අදත් ගෙනාවා තවත්  අපුරු චිත්‍රපටියක් ඔයාලාට. බයික් වලින් වැඩ දාන අපුරු චිත්‍රපටියක් මම ඔයාලාට කලිනුත් දුන්නා මතකනේ Quick කියලා. අද දෙන්නේත් අන්න ඒ වගේම බයික් වලින් වැඩ දාන රේස් පදින කන්ඩායමක කතාවක් ඇතුලත් චිත්‍රපටියක්. BIKER-BOYZ  චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Laurence Fishburne  සහා Derek Luke රංගන දායකත්වය ලබා දෙන අතර .Smoke( Laurence Fishburne) නගරයේ ප්‍රධාන බයික් කන්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. ඔහු සහාභාගි වන එක් බයික් තරගයකදි ඔහු සමගින් තරග වැදුනු අනිත් පුද්ගලයා හදිසි අනතුරකින් මිය යනවා. එම මියගිය පුද්ගලයාගේ පුතු Kid (Derek Luke) තම පියාගේ මරණය සම්බන්දයෙන් Smoke සමග අමනාප කමකින් සිටි. එම නිසා Kid ඔහු සමග  ඔහුගේ කන්ඩායමට එරේහිව කටයුතු කරමින් ඔවුන් සමගින් තරග කරන අතර වෙනමම බයික් කන්ඩායමක් නිර්මානය කරනවා.අන්න ඒ කන්ඩායමේ නම තමා යාලුවනි BIKER-BOYZ කියන්නේ.ඉතින් මේ කන්ඩායම් දෙක අතර සිදුවන්නේ කුමක්ද කියා බලන්න චිත්‍රපටිය බාගෙනම බලන්න වෙනවා ඔයාලාට  එහේමනම් යාලුවො හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී..........

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.