Wednesday, 18 July 2012

Bangkok.Adrenaline.2009 4දෙනාම වැඩකාරයො

ආයුබෝවන් යාළුවනි.....ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක්. Bangkok.Adrenaline.2009  නියම වැඩ කාරයො 4දෙනේක්ගේ කතාවක් තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ.මේහි ප්‍රධාන චරිත ලෙස Daniel O'Neill/Gwion Jacob Miles/Conan Stevens/Raimund Huber රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලිය ලෙස Priya Suandokemai රංගනදායකත්වය ලබා දෙයි.චිත්‍රපටියේ කතාව ගොඩනැගිලා තියෙන්නේ dan/mike/conan/john කියන  යාලුවො හතර දෙනේක් වටා. මේ යාලුවො හතර දෙනා පාටියකට සහාබාගි වෙනවා. ඔවුන් එහිදි කැසිනො ගෙම් එකක් සෙල්ලම් කරනවා. නමුත් ඔවුන් එය සිදුකරන්නේ වැරදි විදියටයි. ඒ හේතුවෙන් එහි අයිති කරුට දැඩි ලෙස කෙන්ති යනවා. මේ කරපු වැරද්දට දඩුවම් ලෙස ඔවුන් හතර දෙනාට මිලියනයක මුදලක් ගෙවිමට සිදුවන බව ඔහු පවසන අතර. එසේ නොකලොත් ඔවුන් 4 දෙනාම මරා දමන බවත් පවසනවා.ඔවුන් සතියක් ඇතුලත එම මුදල සොයා දෙන බවට පොරොන්දු වි එම ස්ථානයෙන් පිටවි යනවා. ඔවුන් යම් යම් දේ කරමින් එම මුදල සෙවිමට උත්සහා කලද කිසිදු ප්‍රථිපලයක් ලබාගැනිමට නොහැකි වෙනවා. මේ අතර තුර යාලුවො 4 දෙනාගෙන් එක් අයකු පුවත් පතක දකින ගැණු ලමයකුගේ පිංතුරයක් දැක යම් අදහසක් ඉදිරිපත් කරනවා. ඔවුන් එම ගැණු ලමයා පැහැර ගැනිමට සැලසුමක් දියත් කරනවා.කොටිපතියකුගේ දියනියක්. මේ යාලුවො 4 දෙනා ඔවුන්ගේ සැලසුම සැලසුම් කල අයුරින්ම ඉටුකරගනි. හැබැයි  ඉට පස්සේ මේ යාලුවො හතරදෙනාට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ මොනවද??? ඔවුන් සතියක් ඇතුලත මුදල් ලබා දි ඔවුන්ගේ ජිවිත බේරා ගනියිද??? චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි එතකොට පිලිතුරු දැනගන්න පුලුවන් ඔයාලා හැමොටම. ජය ශ්‍රී.............

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.